
(අජිත්ලාල් ශාන්තඋදය , ජයන්ත නානායක්කාර සහ ඉන්දිකා රාමනායක)
පනාමුර, කාවන්තිස්ස රජමහා විහාරස්ථානයේ පෙරහරට ගෙන ආ අලියකු අසලට ගිය දොළොස් හැවිරිදි දරුවකු එම අලියා පහරදීමෙන් පසු මියගොස් ඇති බව පනාමුර පොලිසිය පවසයි.
අලියා පහර දීමෙන් බිම වැටී සිටි දරුවා වහාම ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.
හදිසි ඒකකයට ඇතුළත් කළ පසු පැයක පමණ කාලයක් රෝහලේ වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩලය ඇතුලු සේවකයන් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් ගත්ත ද ටික වේලාවකින් ඔහු මියගිය බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේය.
ඇඹිලිපිටිය, පනාමුර පාරේ දෙකේ කණුව, ගල්අමුණ පාරේ පදිංචිව සිටි මුණසිංහගේ ලකිඳු නෙත්සර මුණසිංහ (12) දරුවා මෙසේ මියගොස් ඇත. ඔහු පනාමුර මහා විද්‍යාලයේ හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.
පෙරහරට ගෙනා මෙම අලියා පන්සල පිටුපස තේක්ක ඉඩමක බැඳ තිබුණි. අලියා බැඳතිබූ ස්ථානය වටා තුන් පැත්තකින් කම්බි ගසා තිබුණි. පාසල ඇරී තවත් ළමයකු සමග පන්සල පැත්තෙන් පමණක් කම්බි නොගසා තිබු අතර මියගිය දරුවා අලියා ළඟට ගොස් ඇත්තේ එතැනින් බව පොලිසිය පැවසුවේය.

2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙරහරට ගෙනා අලියා සිසුවා බිලි ගනී
wedage Friday, 15 September 2023 04:40 PM
අලියා බලාගන්න කෙනා කොහේද හිටියේ?
සෙනෙවිරත්න Friday, 15 September 2023 05:29 PM
පනාමුරේ ඇත්ගාලේ පරණ කෝන්තරයක් පිරිමහගත්තා වෙන්න බැරිද?
පැරතුම් Friday, 15 September 2023 05:39 PM
කඨින පිංකමට අලි මොකටද? මේ කාලීන බෞද්ධයෝ හාමුදුරුවරුත් එක්ක හවුල්වෙලා හදාගත්තු නවීකරනය කරන ලද දේවල්...!
ලුම්බිණි Friday, 15 September 2023 06:20 PM
අද හැම පින්කමටම අලි ගේන එක පුරුද්දක් වෙලා. කාටද පිස්සු කියලා හිතාගන්න බැහැ...
පිටිගල මිලානෝ Friday, 15 September 2023 06:28 PM
චුල්ල හත්ථි පදෝපම සූත්‍රය හැරුණු විට බුද්ධ ධර්මයයි, අලි ඇතුනුයි අතර සම්බන්ධයක් තිබේද? සාදු කඨින පිංකමට අලි ගෙනැල්ලා මිනිස්සුන්ට ධර්මය පහදන්නද යන්නේ? මහජනයා ගැවසෙන තැනක අලියෙක් ගෙනැල්ලා ගාල් කරගත්ත එකට සාදුවත් අත්අඩංගුවට ගන්න.
වසන්තිFriday, 15 September 2023 07:47 PM
පිටිගල මේ දවස්වල මිලාන් ඉන්නවා කියලා ආරංචියි...
sampath Friday, 15 September 2023 07:36 PM
ළමයි ගැන මීට වඩා හොයන්න බලන්න ඕනේ. ඇත් ගොව්වා බොන්න ගිහින්ද? අනෙක කවුරුහරි ඇතාට අනතුරක් කළත් ගොව්වා දන්නේ නැහැ.
ranjith Saturday, 16 September 2023 07:03 AM
තිරිසන් සතුන් ඔවුන්ගේ වාසස්ථානවල නිදහසේ ඉන්න නොදී උන් ගාල් කරගෙන කරන වැඩ නිසා අහිංසක ජීවිත විනාශ වෙනවා.
චිරන්ත Saturday, 16 September 2023 02:08 PM
මම මේ නොදන්නා නිසා අහන්නේ ඇත්තටම ඇඹිලිපිටිය දිස්ත්‍රික්කයක් වුනේ කවද්ද කියලා කියන්නකෝ මොකද මට ළඟදී විභාගයක් තියෙනවා. බැරිවෙලා හරි ලංකාවේ දිස්ත්‍රික්ක කීයක් තිබේදැයි ඇහුවොත් දෙන්න උත්තර නැහැ. ඇත්තටම දිසා මහරෝහල නොකියා ඇඹිලිපිටිය මහ රෝහල කිව්වාම තියෙන වැරැද්ද මොකක්ද මහත්තයෝ..?