IMG-LOGO

පරිසර හානි වන්දි කන් හැන්දෙන් බෙදලා

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකා මුහුදු සීමාවේදී "නිව් ඩයමන්" නෞකාව 2020 වසරේ විනාශ වී පරිසරයට වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 3440 ක් වන්දි ඉල්ලුවත් වන්දි ගෙවා තියෙන්නේ මිලියන 12ක් පමණක් බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙි ගින්න නිසා සිදු වූ අලාභය මිලියන දාහතර දාහක් බවට තක්සේරු කළ ද ලැබුණේ මිලියන 7.8 ක් පමණක් බව කී අත්තනායක මහතා තවමත් මේ නෞකාව වරාය ආසන්නේ ජාත්‍යන්තර මුහුදේ ගිලී නාවික කටයුතු වලටත් බාධා වෙමින් තිබෙන අතර එය ඉවත් කිරීමක්වත් කර නැතැයි පැවසීය .

"මෙිවායින් ලැබුණු වන්දි කෝ!වන්දි අයකර ගැනීමේ ක්‍රියාවලිය මන්දගාමී ස්වරූපයක් තිබෙනවා .මේවට කමිටු සාකච්ඡා වාර්තා විශාල සංඛ්‍යාවක් හැදුවත් ඒවායින් නිසි ප්‍රයෝජනයක් ගෙන නැහැ"යනුවෙන්ද තිස්ස අත්තනායක මහතා පැවසීය.

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදය අරඹමින් තිස්ස අත්තනායක මහතා මේ බව පැවසීය.



අදහස් (1)

පරිසර හානි වන්දි කන් හැන්දෙන් බෙදලා

දාස Monday, 05 December 2022 11:55 AM

පොල්කටු හැන්දෙන් බෙදාගත්තේ එක සැරයක්.. ගොන් රජාගේ ඔඩොක්කුවට පැනලා , ඔහේටත් ලැජ්ජා නැහැ... පත්කළ මන්ත්‍රි කමක් දීලා, පක්ෂෙ ජාතික සංවිර්‍ධායක කරපු සජිත්ටත් ලැජ්ජාවක් ගෑවිලාවත් නැහැ....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 80 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 785 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 368 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site