විනීතා එම් ගමගේ
මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් බස්නාහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පත්කරනු ලැබ ඇත.
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඒ ජේ එම් මුසම්මිල් මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කිරීමෙන් පසු හිස්වූ එම තනතුරට දේවප්‍රිය මහතා පත් කර ඇත.
ඉසුර දේවප්‍රිය මහතා අද (21) වැඩ භාර ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාල අභය භුමිය ඉදිරියේදී ඉසුරු දේවප්‍රිය අභය භුමිය වේවි ?
හරියටම ගැලපෙන කෙනා
තනතුරට අදාළ අධ්‍යාපන සුදුසුකම් මොහුට තියනවාද? මොහුගේ අධ්‍යාපන සුදුසුකම් මොනවාද? කිසියම් රාජ්‍ය ආයතනයක පත්කිරීම් පිලිබඳ තියෙන ක්‍රියා පටිපාටි මොනවාද?
ජනාධිපතිතුමා මේ මිනිස්සු තීප දෙනා හැරෙන්න් වෙන කෙනෙක් ගැන දන්නේ නැද්ද?
මේවා මේ පිළුණු වෙච්චි දේශපාලනය කරපු අය දාන තනතුරු නෙමේ කියලා මේ මෝඩයට ත්රෙන්නේ නැද්ද? මේවා නිසි අධ්‍යාපනයක් සහ විද්‍යාත්මක දැක්මක් සහිතව කල යුතු කාරණා.රට කනවා.
තවත් හෙන්චියෙකුගේ පත්වීමක් , රටට සෙතක් නැහැ
මෙයා නේද පාසලක තිබුණු නම වෙනුවට මෙයාගේ නම දාගත්තේ?
මොනවා කරන්නද ලංකාවේ තිබෙන පරිසරය ගැන දැනුම මේ පත්වීමෙන් පෙනෙනවා. පරිසරයට වැඩිය තමාගේ හිතවත් කම ලොකුයි වාගෙ. ඇමෙරිකාවේ ජනාධිපතිත් පරිසරය සුරකීමට අකමැති කෙනෙක් පරිසර අධිකාරියේ ලොක්ක හැටියට පත්කළා.
මොන අධ්‍යාපන සුදුසුකම්ද ?
පරිසරයට දෙවි පිහිටයි.
පුදුම ආදරයක්නේ තියෙන්නේ මෙතුමාට
මොහු ජනාදිපති තුමාගේ අදාල චක්‍රලේකනයේ සදහන් අවශ්‍ය සුදුසුකම් සපුරා තිබේද?
සිංහරාජ වනාන්තරයේත් නම වෙනස් කරමු.
මොන මොන තැන්වලට මෙයාගේ නම දා ගනීවිද දන්නේ නැහැ.
ජනාධිපති වරයාගේ වැඩ නම් අන්තිමයි. පත්වීම් දෙන්නේ උගත් කමට බුද්ධියට නෙමෙයි වෙන මොනවා හරි බලල වෙන්නැති. දැක්කනේ ඒ කලේ ආරක්ෂක ලේකම් කෙනෙක් පත් කරපු හැටි. ආරක්ෂක ඇමති පත් කරපු හැටි.
ඉන්නකන් පළාත් සභාවේ සියලුම දෙවල් වලින් කොමිෂන් කල අවසානයේ පළාත් සභාවේ කාර්යයාලය සුවද විලවුන් වෙනුවෙන් ලක්ෂ ගණන් මුදල් වියදම් කර අති මොහුට ඇත්තටම සුදුසුකම් මොනවාද? ජනාධිපතිට වෙන අය ඇත්තෙම නැද්ද?