(අංජුල මහික වීරරත්න)

 හබරණ පුවක්පිටිය මහා වන මැද කටු මැටි නිවසක තුන් නිවුන් දරු උපතක් ලැබූ  මවට කඩිනමින් නිවසක් සදා දීමට කටයුතු කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

මේ සම්බන්ධ පුවත අද (16) ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ පළ වූ අතර මාධ්‍යයේ පළ වූ තොරතුරු සම්බන්ධයෙන් අවධානය යොමු කළ අමාත්‍යවරයා  නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතාට  උපදෙස් ලබා දී ඇත්තේ තුන් නිවුන් දරුවන් බිහි කළ මව වන ගිහානි සුපේෂලා කුමාරි මහත්මියගේ පවුල වෙනුවෙන් අදාල නිවස කඩිනමින් ඉදිකරන ලෙසයි.

නිවස ඉදිකිරීම සඳහා අදාළ තොරතුරු ලබාදෙන ලෙස නිවාස සංවර්ධන අධිකාරියේ අනුරාධපුර  දිස්ත්‍රික් කළමනාකරුට උපදෙස් දුන් බව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පැවසීය.