IMG-LOGO

ප්‍රසිද්ධ වෙබ් අඩවියක් මන්ත්‍රී චන්නගෙන් සමාව ගනී

(සුජිත් හේවාජුලිගේ  සහ ප්‍රියන්ත ජයලත් )

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා සිය බිරිඳට තලවතුගොඩ ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි සලකින් රේන්ජ් රෝවර් මෝටර් රථයක් මිලදී ගෙන ඇති බවට මෙරට ප්‍රසිද්ධ වෙබ් අඩවියක් 2021 වර්ෂයේදී පළ කළ පුවතෙන් ජයසුමන මහතාට  ඇති වූ සිත් තැවුල  සම්බන්ධයෙන් එම වෙබ් අඩවිය නුගේගොඩ දිසා අධිකරණයේදී  ජයසුමන මහතාගෙන් අද ප්‍රසිද්ධියේ   සමාව ගත්තේය.

එම පුවතට පාදක කර ගත්තේ මාධ්‍ය සාකච්ඡාවල දී කියවුණු  තොරතුරු සහ නිරන්තරයෙන් ප්‍රවෘත්ති සපයන මූලාශ්‍ර වෙතින් ලැබුණු තොරතුරු කිහිපයක් නමුත්  පසුව වැඩිදුර සොයා බැලීමේදී එම තොරතුරුවල සත්‍යතාවක් නොමැති බව තහවුරු වූයේ යැයි  විත්තියේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

එසේම  එම පුවත පළ කරන ලද්දේ හුදෙක් ප්‍රවෘත්තියක් වශයෙන් මිස මහාචාර්ය චන්න ජයසුමන මහතාට හෝ ඒ මහතාගේ බිරිඳට අපහාස කිරීමේ කිසිදු චේතනාවක් ඇතිව නොවන බවද නීතිඥවරයා  වැඩිදුරටත් සඳහන් කළේය.

අදාල ප්‍රවෘත්තියේ සඳහන්වූ මෝටර් රථ සමාගම පැවැසූවේ තම ආයතනය සතුව තලවතුගොඩ ප්‍රදේශයේ කිසිදු වාහන අලෙවිසලක් නොමැති බවයි. එසේම  තම ආයතනයෙන් චන්න ජයසුමන මහතා හෝ ඔහුගේ බිරිඳ කිසිදිනක මෝටර් රථයක් මිලදී ගැනීමට පැමිණ නැති බවද  එම ආයතනය සඳහන් කළේය.

 

 



අදහස් (10)

ප්‍රසිද්ධ වෙබ් අඩවියක් මන්ත්‍රී චන්නගෙන් සමාව ගනී

රොමේෂ් දහනායක Monday, 25 September 2023 01:16 PM

බොරු ප්‍රවෘත්ති දාන මිනිස්සුන්ට සමාව අරන් පැනලා යන්න දෙන්න නරකයි. අනිවාර්යෙන්ම දඬුවමක් දෙන්න ක්‍රමයක් සකස් කරන්න ඕනෑ...

:       2       72

සමන් - ඕමානයMonday, 25 September 2023 02:30 PM

ඒක සම්පුර්ණ ඇත්ත. බොරු ප්‍රවෘත්තියක් පතුරවලා එකට අවුරුදු දෙක තුනකට පස්සේ සමාව ගන්නකොට මුසාවාදය නිසා කොට සිද්දවෙන හානිය වෙලා ඉවරයි. පුද්ගලයින්ට පමණක් නෙවෙයි, රට සම්බන්ධයෙන් පතුරුවන බොරු මුසාවාද, මඩ ගැහිලිත් එහෙම්මයි...!

:       0       45

mangala Monday, 25 September 2023 01:35 PM

සමාව වැඩක් නෑ වන්දියක් ගන්න ඇඟට දැනෙන ආයේ මේ වගේ මුසාවාද නොකියන්න. මිනිසුන්ගේ ජීවිතත් එක්ක මේ කාළකණ්ණි සෙල්ලම් කරන්නේ...!

:       3       54

පැරකුම් Monday, 25 September 2023 02:02 PM

මේ වගේද අද කාලේ මාධ්‍යවලින් ජනප්‍රිය වීම සහ මුදල් ඉපැයීම පිණිස ජනතාව මුලාකරන පච ප්‍රචාර කොතරම්ද? මේවාට විරුද්ධව නීතිමය පියවර ගැනීමට ක්‍රියාමාර්ග සකස් කළ යුතුයි...

:       1       41

මැක්ස් Monday, 25 September 2023 02:06 PM

බොරු ප්‍රචාර කරන අය පිළිබඳ දැන සිටීම හොඳයිනේ. එසේම, මෙමගින් පෙන්නුම් කරන්නේ සමාජ මාධ්‍ය නියාමනයේ ඇති වැදගත්කමයි. විරුද්ධවාදීන්ට මඩ ගැසීම භාෂණයේ නිදහස බවට වර නැගිය හැක්කේ 3%ක් වැනි අම්බරු පිරිසකට පමණි...

:       4       37

සුදු ඇඳගෙන කලු ඇවිදින් Monday, 25 September 2023 02:08 PM

ඔය ගොඩාක් වෙබ් අඩවිවල තත්වේ ඕකයි...!

:       0       35

අපි නොදන්න වෙබ් සයිට් Monday, 25 September 2023 02:13 PM

ඔය කියන පච මූලාශ්‍ර පැලවත්ත පැත්තේ ද තියෙන්නේ?

:       2       25

Rata Perata Monday, 25 September 2023 02:18 PM

හැමකෙනාම පොර ටෝක් දානවා... සාමාන්‍ය මනුස්සයෙක් වැරැද්දක් කළාම. දේශපාලුවෝ දවස් 365ම බොරු කියලා ජනතාව රවටනවා. එතකොට කිසි සද්දයක් නෑ. අපතයින්...

:       14       15

City Monday, 25 September 2023 03:48 PM

කරුණාකර වෙබ් අඩවිය නම් කරන්න.

:       0       23

Bamunuarachchi Monday, 25 September 2023 06:25 PM

ඔය වගේ නාලිකා වෙබ් අඩවි, සමාජ මාධ්‍ය වල නම් කියන්නත් මේගොල්ලෝ බයයි, නැතිනම් අවජාතක එකා උනත් මේගොල්ලෝ ඌව රකිනවා. ඕවාට විරුද්දව අන පනත් ගෙනෙන කොට ඔය වෙබ් අඩවි වලින් අයුතු ප්‍රයෝජන ගන්න ජෙප්පෝ, සජියලා ඔය වෙබ් අඩවි මඩින්න ගෙනෙන පණත් වලට විරුද්ද වෙනවා.

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site