IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ප්‍රසුතියෙන් පසු මවත් බිලිදාත් මිය ගිහින්

 (පුෂ්පකුමාර මල්ලවආරච්චි )

වතුපිටිවල මූලික රෝහලේදී  කුළුදුල් දරුවා ප්‍රසූත කිරීමෙන් ටික වේලාවකට පසු මව මරණයට පත්ව ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි 

 මෙලෙස මිය ගොස් ඇත්තේ   කල්එළිය රත්මලේ වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි  නිම්මි සකුන්තලා නමැති 22 හැවිරිදි මවකි .

ඇය බිහිකල දරුවාද ප්‍රසූතියට පෙර මියගොස් සිටි බව ද හෙලිව ඇත.  මව දරු ප්‍රසූතිය සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇත්තේ පසුගිය 18 වන දාය .

මියගිය මවගේ  පළමු දරු ප්‍රසූතිය මෙය වන අතර  මව එහිදී සීසේරියම් සැත්කමකට භාජනය කල බව රෝහල් ආරංචි මාර්ග පවසයි .

මවගේ සහ බිලිදාගේ  මරණය පිළිබඳව තමන්ට සැකයක් පවතින බවත් ඒ පිළිබඳව රෝහල් පොලිසිය වෙත පැමිණිල්ලක්ද සිදු කළ බවත් ඥාතීහු පවසති .

මේ පිළිබඳව අප කළ විමසීමකදී වතුපිටිවල  මූලික රෝහලේ උසස් නිලධාරියකු පවසා සිටියේ මවගේ සහ බිලිදාගේ මරණය පිළිබඳව සැකයක් පවතින බවටත් පශ්චාත් මරණ පරීක්ෂණය වතුපිටිවල මූලික රෝහලේ පැවැත්වීමට විරෝධය පළ කිරීමටත් ඥාතීන් කටයුතු කිරීම හේතුවෙන්  සිද්ධිය පිළිබඳව පොලිසිය විසින් අධිකරණය  වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලද රෝහලකදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන බවත් ඉන් අනතුරුව මරණයට හේතුව කුමක්ද යන්න කරුණු ඉදිරිපත් කරන බවත්ය. .  

 

 



අදහස් (0)

ප්‍රසුතියෙන් පසු මවත් බිලිදාත් මිය ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site