IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ප්‍රංශය යුක්රේනයට දුන්න අවි වලින් ප්‍රංශයටම ගහලා

(විමුක්ති එස් රුද්‍රිගු)

ප්‍රංශය යුක්රේනයට ලබා දුන් අවි නැවත ප්‍රංශයටම පැමිණ තිබෙන බවත් ප්‍රංශ විරෝධතාකරුවන් එරට පොලිසියට පහර දීම සඳහා එම අවි යොදා ගන්නා බවත් රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය චෝදනා කර ඇත.

බටහිර රටවල් වසරක් පුරාවට යුක්රේන ජාතිකවාදීන්ට ලබා දුන් සහාය එම රටවල ඊට සමාන අදහස් ඇති කණ්ඩායම් ධෛර්යමත් කර ඇති බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශිකා මරියා සකරෝවා ඊයේ(06)පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.මාධ්‍ය වාර්තා කිහිපයකට අනුව නාසිවාදයට පක්ෂපාති කණ්ඩායම් ප්‍රංශයේ විරෝධතාවල පෙරමුණ ගෙන තිබෙන බව සකරෝවා පෙන්වා දුන්නාය.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ එහි මිතුරන් යුක්රේනයට ලබා දුන් ආයුධ සහ අරමුදල් ඔවුන්ටම බූමරංගයක් වී පැමිණ ඔවුන්ගේම ජනතාවට හානි කරන බව එම මාධ්‍ය හමුවේදී සකරෝවා පවසා තිබේ.

බටහිර රටවල් යුක්රේනයට ආධාර ලබා දීමේ අයහපත් ප්‍රතිවිපාක පෙන්වා දීමට දීර්ඝ කාලයක සිට රුසියාව උත්සාහ දරන බව එහිදී සකරෝවා පෙන්වා දී ඇත.



අදහස් (5)

ප්‍රංශය යුක්රේනයට දුන්න අවි වලින් ප්‍රංශයටම ගහලා

ලුම්බිණි Friday, 07 July 2023 12:38 PM

කවුද මේ කියන්නේ? රුසියාව.

:       21       26

Prabha Friday, 07 July 2023 01:11 PM

ප්‍රංශයේ මැරුණේ උතුරු අප්‍රිකානු මුස්ලිම් සම්බවයක් තියන තරුනයෙක් .ඒ කියන්නේ නාසි වාදීන්ගෙන් ජාතිකවාදීන් ගෙන් පීඩා විඳින්නෙක්

:       13       7

Anura Friday, 07 July 2023 01:50 PM

රුසියාව කියන්නේ, වැඩිය ගණන් ගන්න එපා...

:       23       15

Bunny Preena Friday, 07 July 2023 01:57 PM

ඌරගේ මාලු ඌරගේ ඇඟේ තියලාම කපනවයි කිව්වා වගේ...

:       8       19

Sujeewa Friday, 07 July 2023 08:03 PM

ඕක ඉතින් අපේ රටේත් වුණේ... පුතාණෝගේ තාත්තා. 1990 දී LTTE එකට දුන්න ආයුධ, සල්ලි, සිමෙන්තිවලින්, ප්‍රභාකරන් අපිටම ගැහුවේ... මතකද පුතාණෝ...? අන්තිමට 1993 මැයි 01 වැනිදා... තාත්තාටත් ගැහුවා..

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site