(තිලකරත්න දිසානායක සහ අධිකරණ ටෝනි කරුණානායක)

රටේ එක් ප්‍රශ්නයක් විසඳනවිට තවත් ප්‍රශ්නයක්. අද වනවිට යුක්රේන් රුසියානු යුද්ධයත් බලපාලා. නමුත් මෙරට ජනතාවට සහන සැලසීමට රජය හැකි සෑම උත්සාහයක්ම  දරනවා යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (11)  ගම්පහ දී පැවසීය.

ජනතාවට සහන සැලසීමට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා , අමාත්‍යවරුන් ඇතුලු රජය කටයුතු කරමින් සිටිනවා. නමුත් ලෝකයේම ප්‍රශ්න පැන නැගී තිබියදීත් කුමන ප්‍රශ්න ගැටළු පැවතියද ජනතාවට සහන සැලසීමට කටයුතු කරනවා.

ඉදිරියේදී මෙරටට ඩොලර් ලැබෙනු ඇති බවට විපක්ෂය ඇතුලු ආර්ථික විශේෂඥයන් ඉදිරිපත් කරන මතයට ද ඇහුම්කන් දෙන බවද හෙතෙම සඳහන් කළේය.  

අර්බුද එකින් එක පැමිණි බව සඳහන් කළ බැසිල් රාජපක්ෂ මහතා, කොරෝනා ලෝක වසංගතය, තෙල් මිල වැඩිවීම,  යුක්රේන් රුසියානු යුද්ධය වැනි බාහිර ප්‍රශ්න ගැටළු විසැඳීම අපට අපහසුයි නමුත් දේශීයව එන ප්‍රශ්නවලට පිළිතුරු සොයමින් විදේශ ණය ගෙවීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.