
(අංජුල මහික වීරරත්න)
ජනතා ප්‍රශ්න විමසා ඊට විසඳුම් දීම සඳහා සංවිධාන කෙරෙන එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ මහජන දිනය විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් බියගමදී පැවැත්විණි.
සතිපතා පැවැත්වෙන මෙම මහජන දිනයේදී ඉදිරිපත් වන ජනතා ප්‍රශ්න සඳහා කඩිනම් මෙන්ම සාධනීය විසඳුම් ලබාදීමට කටයුතු කරන බව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
මෙම මහජන දිනය සඳහා මහා සංඝරත්නය,ප්‍රාදේශීය නායකයින්, ආසන සංවිධායකවරුන්, විවිධ පළාත් වල සිට පැමිණි පාක්ෂිකයින් සහ මහජනතාව සහභාගී වූ අතර අදාළ ආයතනද සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් සපයන බවද විජයවර්ධන මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd