(විමුක්ති එස් රුද්‍රිගු)
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා වනාටු සහ පැපුවා නිව්ගිනියා සංචාරය නිමකර නැවත ප්‍රංශය බලා ගමන් කිරීමට පෙර හෙට (28) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව එලීසේ මාළිගය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
ප්‍රංශ ජනාධිපතිවරයකු ශ්‍රී ලංකාවේ සංචාරය කරන ප්‍රථම අවස්ථාව මෙය වීම හේතුවෙන් එමානුවෙල් මැක්‍රොන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය ඓතිහාසික වනු ඇති බව එම නිවේදනයේ දැක්වේ.
අද (28) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රංශ ජනාධිපතිවරයා හෙට (29) උදැසන ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත බවත් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ රැඳී සිටිනා කෙටි කාලය තුල ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත බවත් එලීසේ මාළිගය පවසා තිබේ.ජනාධිපතිවරයාගේ මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර ද්වි පාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාවක් වනු ඇති බවත් දෙරට මුහුණදෙන කලාපීය සහ ජාත්‍යන්තර අභියෝග පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් වනු ඇති බවත් එලීසේ මාළිගය පෙන්වා දී ඇත.
එලිසේ මාළිගය ප්‍රංශ ජනාධිපතිවරයාගේ නිල නිවස වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රංශ ය , කැනඩාව ඇතුලු ඇමරිකන් ගැති බටහිර රටවල් දැන් දැන් අපේ රටට ඔලුව දනේනේ හොඳකට නම් නෙවෙයි. ඊලම් සිහිනය ඇතුලු නරක දේවල් බොහෝ ඔවුන්ගේ මොළවල පාවෙනවා. රටට සැබෑවටම ආදරය ඇති පක්ෂ බදාගෙන නැති ජනතාව අවදියෙන් සිටිය යුතුයි
පසුගිය කාලයේ මැක්රෝන් මහතාගේ ගුණ වයමින් මේ දිනවල වැලේ වැල් නැතුව හැංගී සිටින "අරගලිස්ට්ස්"ලාට බැරිද එයාපෝට් ගිහින් ඒ මහතාව පිළිගන්න.
මෙය රාජ්‍ය සංචාරයක් නොවේ. ලංකාවෙන් පිටත් වන එයාර් ෆ්‍රාන්ස් ගුවන් යානයෙන් පැරිසියට යන්නයි ඔහු එන්නේ. මෑතක සිට එයාර් ෆ්‍රාන්ස් බොයිං 787 යානයක් පැරිසිය, මාලදිවයින සහ ලංකාව අතර ක්‍රියාත්මක වනවා. මිල ගනන්ද සාධාරනයි.
ඉතා හොඳ වර්ධනයන් දැකීමට, අපි ලෝකයේ සියලුම රටවල් සමඟ මිත්‍රශීලී විය යුතුයි
රෑ ඇවිල්ල උදේම යන ටිකටද ද්වි පාර්ශ්වික සබඳතා ගැන සාකච්ඡා කරන්නේ?
රනිල් වගේ වැද්දෙක් මුණ ගැහෙන්න දැන් ලෝකය ප්‍රබල රටවල් වල ජනාධිපති ලා එනවා .ජනාධිපතිතුමනි, ඔබ ගැන අපට ආඩම්බරයි
ඒ කාලේ නම් ලංකාවට ආවේ "ස්වාසිලන්තයේ රජතුමාලා" වගේ උදවියයි. ලංකාවේ ගෝත්‍රිකයින්ට ඒ කාලේ දැනුන ආඩම්බරය ප්‍රංශය වගේ රටක ජනාධිපති කෙනෙක් ලංකාවට එනකොට නොදැනීම සාධාරණයි. සමහරක් මන්ද බුද්ධිකයෝ කුමන ආකාරයක නිර්වචන දුන්නත් ලංකාවේ වත්මන් ජනාධිපති තුමාගේ විදේශ ප්‍රතිපත්තිය අගය කරන නිසා තමයි ඔවුන් සුළු වෙලාවකට හෝ ජනාධිපති තුමාව මුණ ගැහෙන්නේ... බටහිර රටවල් ඇලජික් කාරයෝ චීනෙට හා රුසියාවටනේ ආවඩන්නේ. චීන්නු ලංකාවට කරපු හරිය සමහරක්ට තවම තේරිලා නැහැනේ.. රාජපක්ෂලා නම් උදේ හවස චීනෙට සෙත් පතලා පහනක් පත්තු කරාට පව් සිද්ධ වෙන්නේ නැහැ.
මොකා ආවත් වැඩක් නැහැ .අපි අපිම තමයි .අපිට වීසා දෙන්න ප්‍රංශයේ එන්න .ලංකාවේ ජනතාව බේරාගන්නවානම් එකම ක්‍රමේ අපිට කවුරු හරි වීසා දෙන එක විතරයි
රනිල් අඳුරන නිසා එනවා වෙන්න ඇති ?රනිල් එනකොට පිටරට නායකයෝ පුටුවෙනුත් නැගිටලා කියලා පසුගිය දවස් වල හෙන්චයියෙක් කියලා තිබුනේ ?
කිසිදු බලවත් රටක් ලංකාව ආක්‍රමණය කරන්නේ නැත. බටහිර කුමන්ත්‍රණ හෝ වෙනත් බලපෑම් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නම් එය ශ්‍රී ලාංකිකයින් වන අප විසින්ම ලංකාව තුළ ඇතිකර ගෙන තිබෙන්නා වූ අර්බුද හෝ ගැටළු නිසාවෙනි. එම නිසා අන්තවාදී ජාතිවාදී මතයෙන් හෝ කෝණයෙන් නොව ලෝකයේ සියලු රටවල් සමග ගනුදෙනු කිරීමට සහ මිත්‍රශීලිව කටයුතු කිරීමට සහ යථාර්තයට මුහුණදීමට රටක් වශයෙන් කටයුතු කළයුතු වෙමු. අන්තවාදී ජාතිවාදී මතයන් සහ ප්‍රකාශ සහ ක්‍රියාවන් සියල්ල අරගල භූමිය තුළදී ශ්‍රී ලාංකිකයින් විසින් ගිනිතබා අළුකළ බව ලංකාවේ සිටිනා අන්තවාදී ජාතිවාදී කණඩායම්, අවස්ථාවාදී දේශපාලකයින් වෙත පමණක් නොව ලෝකයටත් පැහැදිලි පිරිසිදු පණිවිඩයක් පසුගිය වසරේ මැයි මාසයේදී ලබාදෙන ලදී...
යානයෙන් බැස්ස ගමන් යාපනේට ගිහිල්ලා මොකක්හරි කියලා බෙදුම්වාදීන්ව උස්සල තියයි.
රුසියාව, චීනය, දකුණු අප්‍රිකාව, බ්‍රසීලය ආදී රටවල් මුල්තැනගෙන අලුත් ධ්‍රැවයක් ලෝකයේ නිර්මාණය වෙමින් පැවතෙනවා. ඉන්දියාව මේ අතර හිටියත් ඇමරිකාව විසින් දෙනලද ගුවන් යානා එන්ජින් තාක්ෂනය සහ ප්‍රංශය දෙමින් සිටින සබ්මැරීන තාක්ෂනය නිසා දැන් ඔවුන් ඇමෙරිකානු කඳවුරට එකතු වෙමින් සිටිනවා. පසුගිය මාසය ඇතුලත ඉන්දියානු ජනාධිපති ඇමෙරිකාවේ සහ ප්‍රංශයේ සංචාරය කලා. ඉන්දියානු ගුවන් හමුදාව ප්‍රංශයේ සංදර්ශන වලට පවා සහබාගි උනා. මොදිට උපහාර සම්මාන පිරිනමනු ලැබුවා. මොහු ලංකාවට එන එක මෙම සිදුවිමවලම දිගුවක්. කෙලින්ම සංචාරයක් දෙන්න ඔවුන්ට පොඩි වැඩි නිසා යනගමන් බැහැල යන්න එනවා. අභිමානයක් නැති අපි මහා ඉහලින් ඔවුන් පිලිගන්නවා.
ට්‍රාන්සිට් එකක් වගේ පේන්නේ? නැතුව අපිව හම්බ වෙන්නම එන්නෙ නෑ වගේ
අපේ ජනපති ලංකාවෙන් යමක් බලන් එන එකක් නැහැ .මොකද ලංකාවේ මොනවා ගන්නද .ප්‍රංශයේ අය එයාලගේ භාෂාව කතා කරද්දී ලංකාවේ පාලිමන්ට් එක පවා කතා කරන්නේ සුද්දන්ගේ පරිසර විනාශේ පොදු දේපලක් විනාශ කිරීම විකුණන් කෑම ඒවා ප්‍රංශයේ නෑ .අන්න ඒකයි මන් මෙහෙම කිවුවේ
සමහරවිට ඔය එන්නේ 13 ගැන කතාකරන්න යහපතක් කරන්න නෙමෙයි