
(සුජිත් හේවාජුලිගේ)
දිවයිනේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් පාතාලයේ රජදහන් බවට පත්වීම නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව වාර්තා වේ.
ඇතැම් පාතාල ක්‍රියාකාරීන් සහ දාමරිකයන් ඉන්ධන පිරවුම්හල්වලට රිංගා විවිධ තර්ජන ගර්ජන සිදුකරමින් බලහත්කාරයෙන් සිය හිතවතුන්ට ඉන්ධන ලබා දීමට කටයුතු කරමින් සිටින බව ජනතාව පවසති.
සමහර දාමරිකයන් එසේ කටයුතු කරන්නේ පොලිස් නිලධාරින් සහ හා හමුදා නිලධාරීන් බලා සිටියදී බව දැනගන්නට ඇත.
සමහර ඉන්ධන පිරවුම්හල්වල ජනතාව හසුරුවන්නේද දාමරික පිරිස් බව පවසන ජනතාව එම පුද්ගලයන් බලහත්කාරයෙන් පෝලිම්වලට වාහන රිංගවීම ජයටම කරගෙන යන බවද සඳහන් කරති.
තවත් ඇතැම් ප්‍රදේශවල පෝලිම්වලට විවිධ ආපදාවලට ලක් වූ යතුරු පැදි රිංගවා පසුව ඒවා ඉවත් කරගෙන වෙනත් යතුරුපැදිවලට අවස්ථාව ලබාදීමෙන් මුදල් ගරන කණ්ඩායම් පිළිබඳවද තොරතුරු අනාවරණයවී ඇත.
එසේම ඉන්ධන ලබා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය සේවා හැඳුනුම්පත අවභාවිතා කරන පිරිස් සම්බන්ධයෙන්ද පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසයි.
ඉන්ධන පිරවුම් හල්වල ක්‍රියාත්මක වන පාතාල සහ දාමරික කණ්ඩායම් සම්බන්ධයෙන් වහා නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බව ජනතාව රජයට පෙන්වා දෙති.
එසේ නොවුණහොත් පෝලිම් වල දින ගණනාවක් ගත කරන ජනතාවට විශාල අසාධාරණයක් සිදුවන බවද ඔවුහු සඳහන් කරති .
මේ අතර ඉන්ධන ලබාදීමේදී විධිමත් ක්‍රමවේදයක් ඉදිරියේදී අනුගමනය නොකළහොත් පෝලිම්වල තදබදය තවදුරටත් උග්‍ර විය හැකි බව පෙන්වා දෙන ජනතාව වාහන අංක තහඩුවේ අග ඉලක්කම පදනම් කරගෙන ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසටද යෝජනා කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා සමාජය දේශපාලකයින් තරමටම කුණු වී ඇත. කුණු වුණු සමාජයකින් කුණු දේශපාලනය නැතුව වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?
ගම්පහ ජා- ඇල පාරේ අකරවිට ඉන්ධන හලේ සපත්තු සෙරෙප්පු හදන අය.., සුද්දන් අදින ඩ්‍රයිවර්ලා තමයි රජකරලා ඉන්නේ...
එසේ නොවුණහොත් පෝලිම් වල දින ගණනාවක් ගතකරන ජනතාවට විශාල අසාධාරණයක් සිදුවන බවද ඔවුහු සඳහන් කරති. කරුණාකර දැනගන්න. ජනතාව නීතිය අතට ගන්න දවසක් එනවා. එදාට තුවක්කු වලින් සාමාන්‍ය ජනතාව නවත්වන්න බෑ. එදාට පාතාලයේ අයට හැංගෙන්න තැනක් හොයන්න වෙනවා. එහෙම වෙන්නේ ගෙදර දරුවන්ට.., බිරිඳට කන්න දෙන්න බැරි දවසට...
ඇතැම් භික්ෂූන් පෝලිම් නැතිව විටින්විට ඇවිල්ලා වාහන කිහිපයකට තෙල් ෆුල් ටෑංක් කරගෙන යනවා. අමතර කෑන්වලටත් සමහර වෙලාවට පුරවා ගන්නවා. පුදුම රැස්කිරිල්ලක් ඒක නම්...
රටේ නීතිය ක්‍රියාත්මක වන හැටි හරිම ලස්සනයි නේද කියලා හිතෙනවා. කෝ දැන් එක නීතියක් එක රටක්...? ඒකේ සභාපති කොහේද දන්නේ නැහැ ඉන්නේ...? දැන් රටේ තියෙන්නේ එක නීතියක් වෙනුවට එකඑක නීති. කෝ මේ අහිංසක මිනිසුන්ට රිවෝල්වර පෙන්නා සද්දෙ දාන පොලිස් නිලධාරීන්ට මේ පාතාලයින් හා ගණන් කාරයින්ව පේන්නේ නැහැනේ...!
නුගේගොඩ විජේරාම IOC එකේ අද උදේ සෑහෙන වාහන ගණනක් පෝලිමට පිටින් ගැහුව. කළමණාකරුගෙ උපදෙස් මත. හමුදාව හා පොලීසිය බලන් හිටියා. ඕවට විරුද්ධව නැගී සිටියොත් අත් අඩංගුවට ගනීවි.
කෝ දැන් මහ ලොකු නීතිය..? පෝලිමක් වත් හරියට හදාගන්න බැරි...?
මේ වගේ අසික්කිත ජාතියක් ලෝකයේ කිසිම රටක නැහැ. මේ රට කවුරු ආවත් මේ විදිහම තමයි. අරයා හොරා, මෙයා හොරා කිව්වට සේරම එකයි.
අත්දැකීමෙන් කියන්නේ 100%ක් ඇත්ත. නවගමුව / වැලිපිල්ලෑව රජදහනවල්. විශේෂයෙන් වැලිපිල්ලෑව ශෙඩ් එක. 250 සිට 2000 , 3000 පැකේජයන්.. වාහනය අනුව/ අවශ්‍යතාවය අනුව. මිනිසුන් පෝලිමේ දවස් දෙක තුන ඉන්නවා. තග දාලා පෝලිම් පැනලා තියෙන සේරම කුනුහරුප අහගෙන ඔවුන්ට තැන දීලා අහක බලන් ඉන්නවෙලා තියෙන්නේ... පොලිසියට, යුද හමුදාවට ඇස් කන් වහන් ඉන්නවෙලා තියෙන්නේ... රටට ගිය කලක්...!
මෙවැනි වෙලාවක පාතාලයට බයේ සද්ද නැතිව ඉන්න ජනතාවකට පුළුවන්ද ආණ්ඩුවක් පෙරළන්න..? කෝ සමගිය..? කොයි බලයටත් වඩා ලොකුයි සමගි බලේ... කෝ..?
මොනා උනත් ලංකාවේ, පුජක පාතාලය තරම්, මේ සාමාන්‍ය මිනිසුන්ගේ පාතාලය දරුණු නැහැ. දේශපාලකයින් සරණ ගිය පාතාල පුජක බත්බැලයින් හා සසඳද්දී, මේ පාතාලයේ ඉන්නේ මහත්වරු.. අඩුතරමේ මේ මිනිස්සු කොයි මොහොතක හෝ වචනයකින් වත් උදව් කරයි. අර ගොල්ලෝ තනිවම කාලා තිරිහන් වෙල පාලකයින්ට ආවඩමින් සමාජයටම ආදර්ශයක් දෙනවා.
මේ වැඩේ ජයටම කරන්නේ හොරණ, බැල්ල පිටිය පිරවුම් හලේ. මේ වනවිටත් මැර කණ්ඩායම් විසින් මෝටර් සයිකල් පෝලිමේ සිටින සාමාන්‍ය අය පසුපසට පලවා හරිමින් යතුරුපැදි රංචු වශයෙන් ඇතුළු වෙමින් සිටිනවා. හමුදා නිලධාරීන්ගේ පිරිස් බලය අඩුනිසා ඔවුන් මේ ස්ථානයේ අසරණයි. මෙසේ එක යතුරුපැදියක් කීප වරක් ඉන්ධන පුරවා ගන්නවා...!
මෙය ගාල්ල බෙලිගහ ලංකා ඉන්ධන පිරවුම් හලේ සුලබ දසුනකි. එහි අයිතිකරු දාමරිකයන් පිරිසක් යොදා ගාල්ල පොලිසියේ නිලදාරීන් ඉදිරිපිටම තම හිතවතුන්ගේ වාහන වලට පෝලිමෙන් පිට සහ රුපියල් 500 වැනි මුදලකට තෙල් ලබාදෙන සීමාවෙන් ඔබ්බට (රුපියල් 7,000 ට වඩා) තෙල් ලබාදෙයි. පොලිස් නිලධාරින්ද තම හිතවතුන්ගේ වාහන පදවාගෙන විත් තෙල් ලබාගනී. යමෙකු මෙයට විරුද්ධ වූ විට පොලිසිය ඉදිරිපිටම ඔවුන් තර්ජනය කරයි. පොලිසියද ගැටළු ඇතිනොකර වහාම යනලෙස තර්ජනය කරයි...