
(අංජුල මහික වීරරත්න)
සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල පිහිටි පිරිවෙන් සඳහා ආධාර බෙදාදීම ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සංකේතාත්මකව මෙම ආධාර බෙදා දුන්නේය.
සිංගප්පූරුවේ සිටින පරිත්‍යාගශීලීන්ගේ අධාර උපකාර මත ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලාගේ සහ දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය අධ්‍යාපන උපකරණ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට බාරදීම සිදු විය.
ඉදිරි දින කිහිපයේ තෝරාගත් පිරිවෙන් සඳහා අධ්‍යාපන උපකරණ බෙදා හැරීමට නියමිතය.
සමන් ඒකනායක මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයාව කටයුතු කළ සමයේ සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානය මෙරට පිරිවෙන් සඳහා ආධාර උපකාර කිරීමට අවස්ථාවක් දෙන ලෙස කළ ඉල්ලීමකට අනුව මෙි සත්කාරක වැඩසටහන ඇරඹිණි .
සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරාධිපති කරදෙටියාන ගුණරතන හිමි, මහමෙව්නාවේ මංගල හිමි ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්වත්නි... දෙන තරමට ලැබෙනවාලු… ඒ නිසා සේසතම දෙන්න වී එයිට් ගන්න.