
(ගයාන් සුරියආරච්චි)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලාංඡන සන්තකයේ තබාගෙන පානම,රදැල්ල රක්ෂිතයේ නිධන් සොයා කැණීම් කල පුද්ගලයින් 06 දෙනෙක් පොලිස් විශේෂ කර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
එහි දී රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී නිධන් සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි වැල්ලව, පොතුවිල්, නිට්ටඹුව, බිබිල, කුරුණෑගල හා පානම ප්‍රදේශ වල පදිංචි පුද්ගලයින් 06 දෙනෙකු එම භාණ්ඩද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පානම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරාවිද්‍යාවේ සමහර දෙනා කියන්නේ නිධන් නැහැ කියලනේ. එසේ නම් මිනිසුන් ඒවා ගන්නේ කොහොමද කියන එකයි තියෙන ගැටළුව. ලෝකයේ වෙනත් රටවල නොමැති ආකාරයේ බලවත් ගුප්ත විද්‍යා ආරක්ෂක විධි යොදාගත් පැරැන්නන් ඒවා නිදන්කොට තිබෙනවා. මේ ගැන නිසි කරුණු කාරණා නොදැන බොහෝ දෙනා ඊට මිත්‍යා යැයි කියනවා. මේ ගැන ගැඹුරින් ගවේෂණය කරන්නෙකු සත්‍යය කුමක්ද කියා දන්නවා. නිධන් වල ඇති පුරාවස්තු සංරක්ෂණය කොට ඒවායේ ඇති වටිනා මැණික් රටේ යහපතට යොදවන්නේ නම් පිටරටින් හිඟා කෑමට අවශ්‍ය වන්නේ නැහැ. සිදුවිය යුත්තේ එයයි. ඒත් මිලකළ නොහැකි මැණික් ආදිය උඩ ඉඳගෙන ඒවා කල් ඉකුත්වී මැරීයනතෙක් බලාසිටින රටක් ලොව කොහේවත් නැතුව ඇති. රටේ දරුවන් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. මිනිසුන් හිඟානොකා හිඟා කනවා. ඒත් නිවැරැදි ලෙස කාලෝචිත ලෙස නොසිතා පිටරට වලට ණයවෙනවා.