
(සුජිත් හේවාජුලිගේ)
අරගලකරුවන්ගේ බාරයට පත්වූ ජනාධිපති මන්දිරය ඇතුළු කොළඹ ප්‍රධාන ගොඩනැගිලි හතර පෞරාණික ස්ථාන ලෙස විධිමත් සහ නිශ්චිත ආකාරයට ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත්කර නැති හෙයින් ඒවායේ පෞරාණික දේපළවලට හානි කළ පුද්ගලයන් සම්බන්ධයෙන් පුරාවිද්‍යා පනත යටතේ නීතිය ක්‍රියාත්මක කිරීම ගැටළු සහගතවී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.
ගැසට් නිවේදනයක් ප්‍රකාශ කිරීමට අදාළව මූලික කටයුතු සිදුවී තිබුණද ජනාධිපති මන්දිරය පෞරාණික ස්ථානයක් හැටියට නම් කෙරුණු බව සඳහන් පරිපූර්ණ ගැසට් නිවේදනයක් මෙතෙක් නිකුත්වී නැතැයිද ඔවුහු සඳහන් කරති.
මේ සම්බන්ධයෙන් අප සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂිකා ( බස්නාහිර පළාත්) ශ්‍යාමලි රාජපක්ෂ මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසූවේ ජනාධිපති මන්දිරය පෞරාණික ස්ථානයක් ලෙස සඳහන් නිශ්චිත ගැසට් නිවේදනයක් නොමැති බවයි.
මේ හේතුවෙන් ජනාධිපති මන්දිරය අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය පෞරාණික ස්ථාන ලෙස සඳහන් ගැසට් නිවේදන ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරගෙන යන බවද ඇය සඳහන් කළාය.
එසේම ජනාධිපති මන්දිරයේ තිබූ පෞරාණික භාණ්ඩ පිළිබඳ ලේඛනයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව මෙතෙක් නැතැයිද වාර්තාවේ.
එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් පසුගියදා කොළඹ නගරයේ උද්ඝෝෂණ කළ අරගලකරුවන් පිරිසක් විසින් මෙම ගොඩනැගිලි හතරම ඔවුන්ගේ බාරයට ගනු ලැබීය.
එම ගොඩනැඟිලි අරගලකරුවන්ගේ බාරයේ තිබියදී ඒවායේ තිබූ පෞරාණික භාණ්ඩ රැසකට හානි වී ඇති අතර තවත් ඇතැම් භාණ්ඩ අස්ථානගතවී ඇතැයි පොලිසිය පවසයි.
විනාශවූ එම භාණ්ඩ ලේඛනගත කිරීමට පුරාවිද්‍යා නිලධාරීන් කණ්ඩායමක් මේ දිනවල කටයුතු කරගෙන යන බව ශ්‍යාමලී රාජපක්ෂ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාගේ විශේෂ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කෙරේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදෙ...? ඉස්සෙල්ලා කියන්න එපෑයෑ...
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මහත්තයෝ දැන් ගැසට් කරලා බෑනේ. අතීතයට බලපාන විදියට ගැසට් කරන්නත් බෑනේ අර කොල්ලොන්ගෙ නඩු ටිකට මක්කැයි වෙන්නේ.ඔන්න නිලධාරින්ගේ වැඩ.
ලිස්ට් එක පොලීසියෙ තියෙනවා. ඒක ඉල්ල ගන්න..
ජනාධිපති මන්දිරයේ කෙසේවෙතත් දැන්ඉන්න ජනාධිපති නම් පෞරාණික භාණ්ඩයක් තමයි. මේ බල්ලන් පියා මගේ සීයගෙ කාලේ ඉඳන්ම දේශපාලනේ පැරදි පැරදී ඉන්නවා...
ආ. . ඇත්තඩ? එහෙනම් අර සරත් වීරසේකරට කියන්වද උම්බෑ ගානෙ නතුව ඉන්න කියල? ඔතන තිබුන දේවල් වලින් කොච්චරක් මැදමුලනෙ හොරු ඉස්සුවදඩ කියල කවුද හොයන්න යන්නෙ? දැන් වත් තමන්ගෙ නිරුවත වහගෙන බොරු කතා මාද්‍ය වලින් ප්‍රචාරය කරල ලොකු මවාපෑම් නොකර සොරකමක් වෙලා තියෙනව නම් එවට විසදුම් හොයන්න.. දැන් වත් සාමකාමී අරගලකරුවන්ට මඩ ගහල කකුලෙන් අදින එක නවත්තන්න..මිනිස්සු පාරට අවෙ ගෙදර ඉන්න කම්මලිකමට නෙමෙයි කියල මුල ඉදල මතක් කරගන්න ලබන මාසෙ ඉන්දන ඉවර වුනාම..
පෞරාණික කතා පැත්තකින් තියා ජනාධිපති මන්දීරේට බලහත්කාරයෙන් පැනලා දේපළ විනාශ කළාට නඩු පවරන්න බැරිද? ඒ ගමන් හොරුන්ට පොලිසියේදීම දෙන බැස්ටිය දෙන්න බැරිද? පුරාවිද්‍යා දේපලවලට වෙනම නඩු පවරන්න... හැබැයි කාලෙකට ඉස්සෙල්ලා ගෙවල් ඇරලා යනකොට නැතිවුණා කියන බඩුගැන කථා එළියට එන්නත් බැරි නැහැ...