(ඩයනා උදයංගනී)
ප‍්‍රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි මහතා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද (27) අභාවප‍්‍රාප්ත විය.
රංගන ශිල්පිනී ප‍්‍රතිභා හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු දරුවන් දෙදෙනෙකුගේ පියකු වූ ගාමිණී හෙට්ටිආරච්චි මහතා රංගන ශිල්පිනියක මෙන්ම ගුරුවරියක වන සුභාෂිනී හෙට්ටිආරච්චි මහත්මියගේ ස්වාමි පුරුෂයාද විය.
වේදිකා, ටෙලිනාට්‍ය සහ චිත‍්‍රපට රැසකට රංගනයෙන් දායක වී ඇති හෙට්ටිආරච්චි මහතා ‘දඩබිම’ ටෙලිනාට්‍යයෙහි රඟපෑ ‘මයිකලි’ නැමති මන්ද බුද්ධික පුද්ගලයාගේ චරිතය වෙනුවෙන් 1991 වසරේදී හොඳම නළුවාට හිමි සම්මානය ද හිමිකරගත්තේය.
සෙක්කුව, මී පුර වැසියෝ, ඇසළ සඳ, වෙඩික්කාරයා, විනිශ්චය ඇතුළු වේදිකා නාට්‍ය 100කට පමණ රංගනයෙන් එක්ව ඇති ගාමිණී හෙට්ටිආරච්චි මහතා යශෝරාවය, සිහිනපුරය, මිල්ලෑව වලව්ව ආදී ටෙලි නාට්‍ය ගණනාවකටද රංගනයෙන් දායක වී ඇත.
ඊට අමතරව ඔහු අස්වැසුම, සිංහාවලෝකනය, බහුබූතයෝ, අයෝමා, කොස්තාපල් පුඤ්ඤසෝම ආදී චිත‍්‍රපට රැසකටද සිය රංගන දායකත්වය ලබාදුන්නේය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණික නිලධාරියෙකු ලෙස ද ඒ මහතා සේවය කර ඇත.
ගාමිණී හෙට්ටිආරච්චි මහතාගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම්දීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතිභාපූර්ණ ශ්‍රේෂ්ඨ චරිතාංග නළුවෙක්..
කලාවට ලොකු පාඩුවක්... නම සදාකල් පවතීවා..!
ප්‍රතිභාපූර්ණ ශ්‍රේෂ්ඨ චරිතාංග නළුවෙක්.. කලාවට ලොකු පාඩුවක්... ඔබ සදා අමරණීයයි, දයාබර සොයුර ඔබට අමාමහ නිවන් සම්පත්තිය ලැබේවා! ඔබ නැති අඩුව බොහෝකලක් අපට තදින් දැනේවි...
රංගනයෙන් කලාලොව එළිය කළ ඔබ දැයෙන් සමුගන්නේ අප හදවත් කම්පාකරවමිනි. ඔබට නිවන්සුව ලැබේවා..!!!
ඔබට නිවන් සුව අත්වේවා !!!
වත්මන් කලා ලොවේ ජයකෙහෙලි නැංවූ ගාමිණී සොයුරු අවශ්‍ය අවධියේදී නැතිවීම දුකකි. තවද ලොකු පාඩුවකි. ඔහුට නිවන් සුව පතමු.
යශෝරාවය නාට්‍යයේ සුනිමල් චරිතය අදටත් අමතක නොවන චරිතයකි. ඔබ එතෙක් මෙතෙක් කල රන්ගයන්ගෙන් ඔබේ දක්ෂතාවය හොඳින් පිළිබිඹු කර ඇත්තෙමි. නිවන් සුව !
නිවන්සුව පතමු.
මේවගේ සංවේග මොහොතක දමන අදහස් වලටත් ' dislike ' දමන මිනිස්සු ඉන්නවානේ..
ඔබ වැනි ශ්‍රේෂ්ඨ රංගන ශිල්පීන් හෙළයට අහිමි වීම දරා ගත නොහැකි පාඩුවකි.
ආකර්ශනය දිනාගත් ප‍්‍රවීණ කලාකරුවෙක්. ඔබට නිවන් සුව ලැබේවා.!
දයාබර සොයුර ඔබට අමාමහ නිවන් සම්පත්තිය ලැබේවා! ඔබ නැති අඩුව බොහෝකලක් අපට තදින් දැනේවි.