
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සැමියා විසින් බිරිඳට අත් පොරවකින් පහරදී ඝාතනය කර ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි.
ඝාතනය සිදු කළ සැකකාර සැමියා පොලිසියට පැමිණ භාර වී ඇත. සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල ගැට හැත්ත දිවුරුම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව් ඊ දිල්රුක්ෂි 43 නමැත්තියයි.
මරණකාරිය සහ සැකකරු අතර නිරතුරුවම ආරවුල් හටගෙන ඇති අතර ඊයේ( 2) සවස මෙම ඝාතනය සිදුකර තිබූ බව පොලිසිය කියයි.
සැකකාර සැමියා පෙදරේරුවකු වන අතර 41 හැවිරිදි පුද්ගලයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැලූ බැල්මට අපට පේන්නේ පුරුෂයා වැරදි වගයි. ඔහු කළ වැඩේ හොඳයි නෙවෙයි. ඔහුව ඒ තැනට ඇදගෙන එන්න කාන්තාව හැසිරෙන්න ඇති. ප්‍රශ්න විසඳගන්න දන්නෙ නැති කමයි මූලික හේතුව. දැන් ඉතින් දෙන්නම ඉවරයි. සසරේ තව භව කීයක් හේ පව අදින්නද ?