(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)
විපක්ෂනායකවරයාට වාහනයක් ලබාගැනීම, ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ නිල නිවස නවීකරණයට අදාළ හිඟ බිල්පත් නිරවුල් කිරීම ආදිය වෙනුවෙන් අතිරේක ප්රතිපාදන ලබාගැනීම සඳහා ආණ්ඩු පක්ෂ ප්රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවට අද (18) ඉදිරිපත් කළ රුපියල් මිලියන 57,546ක පරිපූරක ඇස්තමේන්තුව ඉවත් කරගන්නා බව සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ඒ තමා 1989 වසරේ සිටම සිටින්නේ තමන්ගේ නිවසේ බැවින් නිල නිවසක් නවීකරණය කිරීමක් වී නැති බව කියමිනි.
මෙම පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණු මන්ත්රී බිමල් රත්නායක මහතා ප්රශ්න කළ අවස්ථාවේ කිරිඇල්ල මහතා මේ බව පැවසීය.
මෙසේ එහි තමාගේ නිල නිවසක් අලුත්වැඩියා කිරීම ගැන වැරදි ඇතුළත් කිරීමක් ඇති බව කී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එය ඉවත් කරගන්නා බව කීවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පැය දෙකක් යාමටත් පෙරය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිතුලට ගිය කෙනාටත් කතාවක් තිබ්බලු
ඔවුනට ඇති ගැටළු නම් තියෙන නිවස ලක්ෂ ගානක් දී අලුත් වැඩියා කිරීම හෝ අලුත් නිවසක් ගැනීම, කෝටි ගානක අලුත් රථයක් ගැනීම වැනි දේවල්ය. විපක්ෂ නායකයාද මුනිවත රැක්කා මිසක තමාට වෙඩි නොවදින රථ ඇති වග කීවේ නැත. ජනතාව ත්රස්තවාදී බයෙන් , බදු බරෙන් , අන්තවාදී හිංසනවලින් මිරිකී සිටිති.