
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්යාලයේ (Foreign Relation and Protocol) රුපියල් කෝටියකට වැඩි මුදලක් භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
එම කාර්යාලයේ මුදල් සීමාවකින් තොරව භාවිතා කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නියෝගයක් පරිදි විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙම නිලධාරියා එක්තරා අවස්ථාවක විදේශයක ව්‍යවස්ථාදායක කටයුත්තකට උපදෙස් ලබාදීම සඳහා දින නවයක සංචාරයකට සහභාගි වී ඇති බවටත් එම කටයුත්තට ලක්ෂ තිහකට වැඩි මුදලක් ලබාගෙන ඇති බවටත් තොරතුරු අනාවරණයවී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
එසේම විදේශ සංචාරක රැසකට හිතුමතේ සහභාගිවී ඇති බවටද ඔහුට එරෙහිව චෝදනා එල්ලවී ඇත.
තවද මෙම හිටපු ප්‍රධානියා පසුගිය කාල සීමාව වාහන අසීමිතව අවභාවිත කර ඇතැයිද එම විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇත.
මේ අතර පාර්ලිමේන්තුවේ වාහන හිමිකම නොමැති නිලධාරිනියක සහ නිලධාරියෙකු එහි වාහන දෙකක් නිල වාහන ලෙස පාවිච්චි කරන බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ අවධානය යොමුවි ඇත. පාර්ලිමේන්තුවෙන් නිල වාහනයක් හිමි වන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට පමණකැයි පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුහුල් හොරා කරෙන් දැනේ කියලා කියනවනේ...!
ගිය වියදම් නිලධාරියාගෙන් අය කර ගන්න...
රටේ හිටපු ලොක්කොත්, ගෝලබාලයොත් එක්කම හිතුමතේට රට සවාරි ගිය එකේ, ඕවා පුදුම වෙන්න දේවල්ද?
ඕකේ ඉන්නේ රාජපක්ෂ සුරතලුන්….
ඔයා එන්නේ NPP ආණ්ඩුවක් ආවේ නැතිනම් ගුණරත්නත් කොහේහරි ගිහින් ඇති.
නම කියාගන්න බැරුව දුක්විඳින්න එපා. ධම්මික පැණිය දුන්නා නම් ප්‍රශ්නය ඉවරයි....
ඔය කියන දසනායක ගියා තමයි. හොඳට කෑවා තමයි. ඒ කාපු කෑමට උදව් කරපු අයට සලකන්නත් එපායෑ.
ඇයි තනතුර කියන්න ඔච්චර බය?
ආණ්ඩුවේ කට්ටිය කියපු හැටියට මම නම් හිතාගෙන හිටියේ ජනාධිපති රනිල්ම විතරයි. ලෝකෙ වටේ කරක්ගැහුවේ කියලා දැන් බැලුවාම තවත් කට්ටියක් ඉඳලා තියෙන්නේ...
නමත් එක්කම දාල ප්‍රසිද්ධ කරන්නෙ නැත්තෙ ඇයි ? රටම දැන ගන්න ඕන කවුද ඒ කියලා. මිනිස්සුන්ගෙ බදු සල්ලි ඒ ඒ නිසා ඒක දැනගන්නත් අයිතියක් තියෙනවා
විදේශ සංචාර යෑම වරදක් විදිහට ලියවිලා තිබ්බත් ඒ සංචාර සඳහා අනුමැතියක් ලැබුනාද නැද්ද දාලා නෑනේ.
ලිස්ට් විතරයි . කොලු කාරයන්ට වැඩ බෑ....
නම් එක්ක දාන්න බෑ. මොකද ඒව නීත්‍යානුකූලව සිදුකරපු එවා. කුහකයන්ගෙ නිරුවත හෙලිදරව් වෙනව නෙ...පව්