(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමෙන් පසු පැවති තේ පැන් සංග්‍රහයේ සමස්ත වියදම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික මුදලින් ගෙවූ බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.
මේ අනුව එදින තේ පැන් සංග්‍රහය සඳහා වියදම් වූ රුපියල් දෙලක්ෂ හැත්තෑ දෙදහසක මුදල ජනාධිපතිවරයාගේ පෞද්ගලික මුදලින් ගෙවා තිබේ.

අසීරු කාල පරිච්ඡේදයේ අවම වියදමකින් රජයේ වියදම් තබාගත යුතුය යන ජනාධිපතිවරයාගේ දැක්මට අනුව මෙම පියවර ගත් බව මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ බැංකුවෙන් ගත්තුවා එහෙම ඇතිනේ...!
අර්ජුන් මහේන්ද්‍රන් සල්ලි දෙන්න ඇති ගෙවන්න
" සිලෝන් කසල තේ " නොවෙයිනෙ පානය කලේ...!
හොදයි..
මහ බැංකුව කඩල ඉතුරු කරගතු සල්ලි වෙන්ඩැති.
රුපියල් 272000ක් රටට කිසිම වැඩකට නැති අය 225 කට තේ බොන්න. මොන විහිළුවක්ද?
තේ පාටිය අරගලයට දිය යුතුයි. 225ට නෙවෙයි.
දැන් බිල ගෙවලා ක්ලෙම් කරන්නේ පස්සේ...
බිල ගෙවලා දාගත්තු එක හොඳයි.. ඒ වගේම තමුන්නැහේ පාවිච්චිකරන වාහන අඩුකරන්න. යහපාලන කාලේ අපට ඇහුණා තමුන්නැහේගේ පාවිච්චියට ලක්ෂ 4500ක වාහනයක් ගත්තා කියලා...!
අපේ විදුලි බිලත් ගෙවන්න බැරිද?
ලංකාවේ මිනිස්සු තේ බිස්නස් එකට බැහැපු දා ඉඳලා කසළ තේ මාකට් එකට ආවා. අනේ සුද්ද හිටියානම් අපිත් හොඳ තේ ටිකක් බොනවා.
පවු අසරණයා...!
දේශපාලනය හැරෙන්න වෙන රස්සාවක් කළෙත් නැ නේද?