IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පාර්ලිමේන්තුවේ සිදුවීම් ගැන සාමාන්‍ය නීතිය අනුව පියවර ගන්න බෑ

(ඩයනා උදයංගනී)

පාර්ලිමේන්තුව තුළ සිදුවන දේපල විනාශ කිරීම් හෝ වෙනත් කටයුතු සම්බන්ධයෙන් රටේ පවතින සාමාන්‍ය නීති යටතේ කටයුතු කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළින් පමණක් බව කී ඇමතිවරයා එම ක්‍රියාවන් ගැන අධිකරණයකදීවත් ප්‍රශ්න කළ නොහැකි බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ යම් සිදුවීමක් ඇතිවූ විට අවශ්‍ය අංශවල අවධානය ඒ කෙරෙහි යොමු කරවිය යුත්තේ කතානායකවරයා විසින් බවත්, ඒ ගැන පරීක්‍ෂණ කළ යුත්තේ පාර්ලිමේන්තුවේදී බවත් කී ඇමතිවරයා එසේ නොකළා නම් ඒ ගැන කතානායකතුමාගෙන් විමසිය යුතු බව ද කීවේය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ පොදු දේපල විනාශ කළ බව කියමින් අරගලකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නා සේ පසුගිය රජය සමයේ පාර්ලිමේන්තුවේ ඇතිවූ සිදුවීම්වලදී එහි දේපලවලට හානි කළ මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් පියවර නොගත්තේ ඇයිදැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (9) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී  මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.



අදහස් (11)

පාර්ලිමේන්තුවේ සිදුවීම් ගැන සාමාන්‍ය නීතිය අනුව පියවර ගන්න බෑ

Ranjan Tuesday, 09 August 2022 05:06 PM

Dear Journalists Please ask Minister Bandula Gunawardene if a member was killed in the house even then general laws are not applied? (We believe if public property is destroyed inside the parliament general laws can be applied)

:       0       17

arschfikaaWednesday, 10 August 2022 12:05 AM

මේ කවද? මොනවද කියන්නේ? සුදුළුණූ,සීනි, පරිප්පු වංචා කරමින් හොරා කාපු පුද්ගලයෙක් රටට අහිමි කල සියලු ධනය මොහුගෙන් අය කරගත යුතුයි

:       0       0

swene Tuesday, 09 August 2022 05:09 PM

පාර්ලිමේන්තුව තුළ සිදු වුවත්, සැබෑ ලෙසම අවංක නම්, වරදක් වූ විට එය විභාග කොට වරදට දඬුවම් කළ යුතු නැද්ද? ඒ සඳහා ඔය 225ට ක්‍රමයක් ඇති කරන්න බැරි නම් පාර්ලිමේන්තුවේ ඇති ඵලය කුමක්ද?

:       1       20

APerera Tuesday, 09 August 2022 06:10 PM

සාමන්‍යයෙන්, නූගත් කෙනෙක් අතින් වරදක් සිදුවු විට ඒ දෙස සානුකම්පිතව බලනවා. එම නිසා නුගත් පුද්ගලයින් 225ක් ඉන්නා තැනදී සිදුවු සියලු වැරදි වලින් නිදොස් කොට නිදහස් කරමු.

:       1       1

Bamunuarachchi Tuesday, 09 August 2022 06:11 PM

ඔහේලා පාර්ලිමේන්තුවේ ඉඳන් මුළු රටම විනාශ කරන එඅකයි අපිට තිබෙන ප්‍රශ්නය

:       0       1

ranjith Tuesday, 09 August 2022 06:16 PM

පාර්ලිමේන්තුවේ නීති සහ ව්‍යවස්ථාව යනුවෙන් පැවසීම 225 දෙනාගේ පැවැත්මට මිස ජනතාවගේ යහපතට නොවෙයි

:       0       0

Nimal Perera Tuesday, 09 August 2022 06:33 PM

This is a big flaw in the Constitution. There are many. Constitution benefits only the Parlimentarians and it is not beneficial to the People of the Country

:       0       0

විපරමා Tuesday, 09 August 2022 07:09 PM

ආර්ථික ඔස්තාර් කියන කතා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ .පාර්ලිමේන්තුවේ ඉන්නේ මහජන ඡන්දෙන් පත්වූ ජනතාවට සේවය කරන්න දහසකුත් බොරු පොරොන්දු දීලා බලයට ආපු දුෂිත දේශපාලකයින් දූෂිතයන් රකින්න නීති තිබුනා කියලා වැඩක් වෙන්නේ නැහැ.

:       0       9

fairoos Tuesday, 09 August 2022 07:35 PM

මෙයාලා රටම මංකොල්ල කාලාත් අපේ රටේ නීතියෙන් කිසිම දඬුවමක් නැහැ

:       1       11

ravin Tuesday, 09 August 2022 11:11 PM

මේ හොරුන්ගේ ගෙවල් විතරක් නොවෙයි මොවුන්ද ගේ ඇතුලට දමලයි මේ පාර ගිනි තියන්න ඕන.කිසි කෙනෙක් දේශපාලුවන්ට ගරු කරන්න එපා. මහත්වරුනේ උන් අපේ සේවකයෝ. නම කියලා කතා කරන්න.ගරු සරු ලබන්න තරම් දෙයක් උන් රටට කරලා නැහැ. ගල් මුල් වලින් නෙලන්න හැකි හැමවිටම නෙලන්න

:       0       1

genegoda Wednesday, 10 August 2022 12:19 PM

" සෙන්කොලයෙන් " ගුටි කෙලගත්ත කාලෙ අමතක වෙලා වගේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site