(යොහාන් භාසුර සහ ෂේන් සෙනෙවිරත්න)
රට තුළ නිර්මාණය වී ඇති දේශපාලන අස්ථාවරත්ව හේතුවෙන් රටේ ආරක්‍ෂාවට මෙන්ම මහජන ජීවිත ද දැඩි තර්ජනයට පත්ව ඇති මෙම තීරණාත්මක මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ පාර්ලිමේන්තුව වාහා කැඳවා විධිමත් පාලන තන්ත්‍රයක් ගොඩනැගිය යුතු යැයි නැවතත් අවධාරණය කරන බව සඳහන් කරමින් ත්‍රෛනිකායික මහ නාහිමිවරු මාධ්‍ය නිවේදනයක් අද (13) රාත්‍රී නිකුත් කළහ.
මෙම තීරණාත්මක මොහොතේ රටේ නීතියට අවනතව නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් සාමකාමීව විරෝධය දැක්වීම හැර දේපළවලට හානි කරන කිසිඳු ක්‍රියාවක නොයෙදීමට විරෝධතාකරුවන් වගකීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව ද ත්‍රෛනිකායික මහ නාහිමිවරු පවසති.
තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහනාහිමියෝ, වරකාගොඩ ශ්‍රී ඥාානරතන අස්ගිරි මහනාහිමියෝ, දොඩම්පහළ ශ්‍රී චන්දසිරි අමරපුර නිකායේ උත්තරීතර මහනාහිමියෝ සහ මකුලෑවේ ශ්‍රී විමල රාමඤ්ඤ නිකායේ මහනාහිමියෝ එම මාධ්‍ය නිවේදනයට අස්සන් තබා තිබේ. එම මාධ්‍ය නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා නායක හාමුදුරුවනේ, මේ දුෂ්කර අවස්ථාවේදී ඔබවහන්සේලාගෙන් මාධ්‍ය නිවේදනය නිකුත් කිරීම පමණක් ප්‍රමාණවත් නෑ. වැඩබලන ජනපතිතුමා කැඳවලා ජනමතයට ගරුකරන ආකාරය කියල දෙන්න. පක්ෂ නායකයින් කැඳවලා පොදු අරමුණක් හදාගෙන රට ඉදිරියට යන ආකාරය කියල දෙන්න. ඔවුන්ට උපදෙස් දෙන අවස්තාව ජනමාධ්‍ය වලින් පෙන්වන්න සලස්වන්න.
එක සක්කිලි පවුලකට ආවඩපු එකේ ප්‍රතිඵලය. දැන්වත් රාජ්‍ය පාලනය සහ පන්සල අතර වෙනස හඳුනාගෙන පන්සල ගැන බලාගන්න.
තෙරුවන් නැති වුනා ඇසළ පෝය දින බුද්ධ ධම්ම පමණි රට බුදු දහම පණ සඟරුවණ නැතිකලා චීවරය භද පණ කර්මය පඩිසන් දේ සසුණට කල විණ
තව ටිකක් සැතපිලාම ඇහැරුන්නම් හොදයි.
ඔයාල තමයි රට කනඋන්ට නූල් ගැටගහව්වේ. ඔයාලගෙ මල්වතු බලාගෙන දෙනදෙයක් කාල රටට කෙලෙවෙනහැටි බලාගෙන හැටියනම් හොඳයි නේද?.
එක එක නිවේදන නිකුත් නොකර,නරකද ඔබ වහන්සේලාත් පාරට බැස්සා නම්..