
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
විසුරුවා හැරීමට අදාළ ජනාධිපතිවරයාගේ අත්සනින් යුතු ගැසට් නිවේදනයද නිකුත් කෙරිණ.
මේ අනුව පාර්ලිමේන්තු මැතිවරණය ලබන නොවැම්බර් මාස 14 පැවැත්වෙන අතර ඒ සඳහා නාම යෝජනා කැඳවීම ඔක්තෝබර් මස 4-11 අතර සිදු කෙරේ. නව පාර්ලිමේන්තුව කැඳවීම දිනය වන්නේ නොවැම්බර් 21 යි
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග එහි සියලුම මන්ත්‍රීවරුන්ගේ ධූර අහෝසිවී යන්නේය.
ජනාධිපතිවරයා විසින් මෙසේ විසුරුවා හැරුණේ මෙරට නව වැනි පාර්ලිමේන්තුවයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරුවේ අත්සන් තැබීය.
පාර්ලිමේන්තුව විසුරුවා හරිනු නොලැබුවේ නම් එහි කටයුතු ලබන වසරේ අගෝස්තු මාසය දක්වා කරගෙන යාමට ඉඩ ප්‍රස්ථාව තිබිණ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් දින දහයකින් පසු දින හතක් ඇතුළත නාම යෝජනා කැඳවිය හැකිවේ. එමෙන්ම ගැසට් නිවේදනය නිකුත් කර දින 52ත් 66ත් අතර කාලයේදී මැතිවරණය පැවැත්විය යුතු බව සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මාස තුනේ හොඳට වැඩ කළොත් 113 ගන්න එක අමාරු වෙන්නේ නෑ.
දැන්වත් අවුරුදු 50ට අඩු සෙට් එකක් බැස්සා පිස්සු කරන්නේ නැතුව..! නාකි ටික උපදෙස් දෙන්න හිටියාම විතරක් ඇති එළියේ ඉඳලා. කාලේ කන්න බැහැ තවත්...!
දෙවියන් පොදුජන මුන බැලුවා කාලේකට පස්සේ...
ඔතන ඉන්නවා හොරු ටිකක් .උන්ට නටන්න බෑ . එහෙම කළ එක හොඳයි....
ඉතා හොඳයි ... හොරු ගෙදර අරින්න
කපුටාස් කියපු ආකාරයට ජනාධිපති රනිල් මුලින්ම පාර්ලිමේන්තුවේ මැතිවරණය පවත්වා තිබුනේ නම් එවිට මාලිමාව හැර වෙනත් පිරිසක් ආණ්ඩුව පිහිටෙව්වා නම් මොකක්ද වෙන්න පුළුවන්.එහෙම වුනානම් වත්මන් ජනාධිපතිතුමාට තවත් අඅවුරුදු දෙකක් කටයුතු කරන්න වෙන්නෙ බරපතළ ගැටලු සහිතව තමයි.
රට සුද්ධ කිරීමේ මුල් පියවර අපි තැබුවා. සැප්තැම්බර් 21 වෙනිද කිසිම දූෂණ හෝ අපරාධ චෝදනාවක් නැති පුද්ගලයෙක් රටේ ජනාධිපති කරමින්, එහි දෙවන පියවර තබන්න අපිට හැකි වෙනවා මිනීමරුවන් කප්පම් කරුවන් කුඩු හා වෙනත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හොරෙන් ගස් පස් වැලි හා ගල් ජාවාරම් කරුවන් ගණිකා මඩම් හා කසිප්පු මුදලාලිලාගෙන් පිරුණු පාර්ලිමේන්තු සුද්ධ කරලා ගෞරවනීය මහජන නියෝජිතයන්ගෙන් පිරුණු ව්‍යවස්ථාදායකයක් ගොඩ නගා ගැනීම සදහා රටේ චන්දදායකයන්ට නොවැම්බර් මස 14 වෙනිදා අවස්ථාවක් උදා කර දීමෙන්.
රනිල් පලාත් පාලන මැතිවරණය පවා කල් දාල රටේ ආර්ථිකය ස්ථාවර කලා. මෙයාලට අවශ්‍ය තැටිය රත් වෙලා තියෙන වෙලේ රොටිය පුච්චා ගන්න. ආර්ථිකය ගැන මෙලෝ තැකීමක් නැහැ.
නුවණක්කාර තීරණයක් කියන්න පුළුවන්. 2015 යහපාලනය ආරම්භ කල දිනවල දින 200 අටමගලයක් අටවා නොගෙන එදාත් පාර්ලිමේන්තුව විසුරුවා කටයුතු කලා නම් 2019 රටේ අරගලය ඇති නොවෙන්න තිබුනා 2002 කාලයේද දින සීයේ අත්දැකීම් නොසලකා 2015 කටයුතු කිරීමේ විපාක තමයි 2019 සිදුවුණේ දැන් ඉතින් සමගියක් නැති සමගියට අකමැති සජබ හා අනෙකුත් පක්ෂ වලට කණ්ඩායම් එකතුකර නාමයෝජනා සකසා ගන්නවත් දැන් කාලයක් නැහැ.
ජනාධිපති ඡන්දේ වගේම ජනතාව ඡන්දේ පාවිච්චි කරයි කියලා හිතෙනවා.
නැවතත් පාර්ලිමේන්තුවට කන් ඇහෙන්නේ නැති, හම රැලි වැටුණු නාකි හරක් පත් කරගන්න එපා.
මහමැතිවරණයට හොරු ටික ඔක්කොම එකතුවෙලා ආයි බලය අල්ලගන්න හදන්නේ. ඒ කුමන්ත්‍රණය පරාජය කරන්න ඕනේ.
සොර මුල එක්වීමට කාලයක් නොදිය යුතුයි. ඉතාම ගෞරවයනීය පාර්ලිමේන්තුවක් ගොඩ නගමු. මාලිමාවට චන්දය නොදෙන අයද ඒ බව සිහිතබා ගන්න. දේශපාලන ස්ථාවරය නොමැති රටක ආර්ථික ස්ථාවර යක් නැත.එදා රනිල් චන්ද කල් දැම්මෙ මුදල් ඉතිරි කිරීමේ අවංක අදහසින් යැයි සිතන නූගතුන් මෙහි සිටීම කණගාටුදායකය. ඒ කලේ පොහොට්ටු රනිල් හවුල පරාජය වන බැවිනි. ස්ථාවර පාර්ලිමේන්තුවක් ලැබීමට විධායකයට සහාය දෙමු.
මේනකා වගේ අය තවදුරටත් බත් නොකෑවාට කමක් නැත
අනුර කී ලෙස පැවති පාර්ලිමේන්තුවේ සිටින 150 කට වඩා මෙවර හැලෙනු ඇත. ඉල්ලීමට තබා නම ඇතුලත් කිරමට පවා නොහැකි වනු ඇත. ඒ කෙසේ වෙතත් පාරක බැස යාමටවත් නොහැකි වනු ඇත, රට විනාශ කල ඉදිරියටත් එසේ කිරීමට කල්ලි ගැසෙන උන් මහජන විරෝධය හමුවේ අකුලා ගනු ඇත.ජනතාවට රටට ජයවේවා.
මොළය උඩ ඉන්න මේනකා වැනි අය කියන කතා ගැන කවුරුවත් විශ්වාස කරන එකක් නැහැ.
පාර්ලිමේන්තුව වටලා ගිනි තබා බලය අල්ලන්නට තැත් කළ අන්තවාදීන්ට පාර්ලිමේන්තුව ලබා නොදීමට ලංකාවේ උන් සිහි තබා ගත යුතුය. වෛරයෙන් ඡන්දය පාවිච්චි කරොත් ඒකෙ විපාක විඳින්න වෙන්නේ තමන්ගේම අනාගත පරම්පරාවට බව මතක තබා ගත යුතුය.
හිතට පුදුම සැහැල්ලුවක් දෙනවා නේද කාටත්... අනුර සහෝදරයාට ජයවේවා
අට පාස්, නූගත් මෝඩයෝ ,මැරයෝ, දූෂිතයෝ මෙවර මැතිවරණයෙන් අතු ගා දැමිය යුතුමයි උගත් බුද්ධිමත් විෂය දැනුම ඇති පිරිසක් තෝරා ගැනීමට හැකිවේවා.
මේකේ ඩිස්ලයික් බැලුවාම පේනවා කුලියට කොටන බලකායට වැටුප් තවමත් ගෙවන බව, සමහරවිට මහ ඡන්දය වෙනතුරු කුලියට කොටන බලකාය තබා ගනීවි. ඉන් පස්සේ හිඟා කන එක නම්බුයි මීට වඩා...!
දේශපාලනය වෘත්තීයක් කරන්න ඕනි. සුදුසු වැටුපක් දෙන්න ඕනි. අරහෙන් මෙහෙන් එල්ලපු දීමනා නැතිව. දේශපාලනේට එන්න කැමති අයට කරන්න හොඳ පාඨමාලාවක් දාන්න ඕනි සහ ඒක අනිවාර්ය කරන්න ඕනි. ඒකෙදි රටේ ව්‍යවස්ථාව / නීතිය / ආර්ථික විද්‍යාව / ඉංග්‍රීසි / විදෙස් සබඳතා වගේ හැමදේම උගන්නන්න් ඕනි. තේරීම් කාරක සභාවක් තියෙන්න ඕන. විභාගය සමත් වූ අයට පමණක් නාමයෝජනා ලබා දිය යුතුය සහ වයස් සීමාව අනිවාර්ය වේ
සෙනෙවිරත්න කියලා තියෙන්නේ තමන් ගැනම වෙන්න ඕනෑ. දවස තිස්සේම කමෙන්ට් කොටන්නයි ලයික් ගණන් කරන්නයි ඇරෙන්න වෙන වැඩක් නැත්තේ කුලියට කොමෙන්ට් ලියන අයට තමයි. බයියොයි ටොයියොයි අතර වෙනස තියෙන්නේ නමේ විතරයි. අංක එකේ වහල්ලු. මතක නැති වුණාද රටේ බහුතරය ඔබලාට කැමැති නැති බව...?