(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද ( 26) මධ්‍යම රාත්‍රියේ සිට වාර අවසාන කෙරේ.
මේ අනුව පාර්ලිමේන්තුව නැවතත් ජනාධිපතිවරයා අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරෙන්නේ ලබන මස 7 වැනිදාය.
පාර්ලිමේන්තුව වාර අවසාන කෙරෙන ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් අද නිකුත් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උත්සවාකාරයෙන් විවෘත කරන්න ඇයි කානිවල් එකක්ද?
වාර අවසන් කරනවා කියන්නේ අපි දකින හැටියට ගෙයක් හදන්න අත්තිවාරම දමා වැඩ නවතා දැමීමට නොදෙවෙනි දෙයක් මොකද වාරාවසාන කළාට පස්සේ එතෙක් කරපුදේ ඔක්කෝම කුණුගොඩකට දානවා වගේ අහෝසි වෙනවා. අවුරුදු 76 ක් කලේම ඕක තමයි කාලය රන් හා සමානලු. ඒත් මාස ගණනක් ජනතා මුදල් කාබාසිනියා කරමින් පැවැත්වූ කමිටු අහෝසි කරනවා.. මේවා නාස්තියක් නොවෙයිද රට කරන ඇත්තෝ ළදරුවන් වගේ කටයුතු කර රටේ සංවර්ධනය කරන්නේ කොහොමද කියලා නොදන්නා නිසා අහන්නේ...!
වාරාවසාන කිරීමෙන් රටට ලැබෙන ප්‍රයෝජනේ මොකද්ද? එක්කෝ වාරාවසාන කළාට පාර්ලිමේන්තුවේ වැඩටික එහෙම්ම කෙරීගෙන යන්න ඕනෑ... එහෙම නැත්තං වාරාවසාන කතා අහෝසි කරලා දාන්න ඕනෑ. දැන් මොකද්ද මේ තේරුමක් නැති වැඩේ...!