
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
කොළඹ කාන්තා විද්‍යාලයේ සිසුවියෝ සියයකට අධික පිරිසක් අධ්‍යයන චාරිකාවක් සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට අද (26) පැමිණියහ.
කොවිඩ් පැතිරීමත් සමග පාර්ලිමේන්තුවේ පැනවූ සීමාවන් පසුගිය 20 වැනිදා ලිහිල් කිරීමෙන් පසු එම පරිශ්‍රය නැරඹීමට පැමිණි පළමු කණ්ඩායම වන්නේ මොවුන්ය.
මෙම අධ්‍යයන චාරිකාවේදී සිසුවියන්ට මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු සභා ගර්භය නැරඹීමට අවස්ථාව සලසා දෙන ලදී.
සභාගර්භය පිළිබඳව සිසුවියන් දැනුවත් කිරිමද මෙහිදී සිදුවිය. මෙයට අමතරව සෙංකෝලය, සභා ගර්භයට මෙපිටින් ඇති ආලේඛ්‍ය චිත්‍ර සහ පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසෙන රිදී දොරටුවද නැරඹීමට ඔවුනට අවස්ථාව උදා කර දුන් බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවන් දේශපාලනයට පැමිණීමට උනන්දු කරවිය යුතුවේ.
දරුවනේ පරිස්සමින්... වටිනා දේවල් ගෙනියන්න එපා...
චීයා!! පාසල් දරුවන්ට තබා වයසක අපිටවත් පැත්ත පළාතේ යන්න සුදුසු නැති මේ වගේ තැනකට ගැහැණු දරුවන්ව රැගෙන යන්න පිස්සුද මන්දා? ඒ මදිවාට තරුණ ටීචර් කෙනෙකුත් ගිහිල්ලා.. අඩු තරමේ හිරගෙදර වත් පෙන්නන්න එක්කගෙන ගියා නම් මීට වඩා වැදගත් නේද?
ඒක හොඳයි. මහජන මුදල් හොරාකන හැටි ඔවුන්ට ඉගෙන ගන්න පුළුවන්..!
දියවන්නාවේ සත්තු හැසිරෙන්නේ කොහොමද කියලා බලාගන්න බැරිවෙන එකක් නැහැ.
පොඩි අයට අඹේවෙල ෆාම් එකට ගියා වගේ සතුටක් දැනෙන්න ඇති...
දරුවන්ව ඔය ගුබ්බෑයම්වලට මොකට අරන් යනවද මන්දා...?