IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


පාර්ලිමේන්තුව දෙසැම්බර් 3 තෙක් කල් තබයි

 


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

පාර්ලිමේන්තුව දෙසැම්බර් තුන්වෙනිදා පෙරවරු 9.30 තෙක් කල් තබන බව ජනාධිපති අනුර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු නිවේදනය කළේය.

ජනාධිපතිවරයා කිසිදු සටහනක් නොබලා පැයකට ආසන්න කාලයක් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම විශේෂත්වයක් විය.


"වෛරය අවසන් කළ හැක්කේ ආදරයටයි"

මහජන අයිතිවාසිකම් රැකගැනීම වෙනුවෙන් සටන් කළ ප්‍රමුඛ පෙළේ නායකයකු මෙන්ම බැප්ටිස්ට් දේවගැතිවරයකු වූ මාටින් ලූතර් කිං ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ කතාව අවසන් කළේය.

" අඳුරට අන්ධකාරය පලවා හැරිය නොහැක.එය කළ හැක්කේ ආලෝකයට පමණි.වෛරයට වෛරය දුරු කළ නොහැක.එය කළ හැක්කේ ආදරයට පමණි" යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.


අයවැය මාර්තු මැද

ලබන වසරේ මාර්තු මාසයේ මැද නව අයවැය ‍ලේඛනය සම්මත කරගන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"අපේ ආණ්ඩුව සියලු පුරවැසියන් බලා ගන්නා කිසිවකුත් නොහරින ආණ්ඩුවක් බවට පත්විය යුතුයි.

රට හැර යන උන්මාදය වෙනුවට රට තුළ සිටමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙක් බවට පත්වීමේ උන්මාදයක් ඇති ඇතිවන සමාජයක් බිහි කරනවා.

ශ්‍රී ලාංකික කර්මාන්ත කරුවන් සඳහා අලුත් වෙළඳපොළ සෙවීමට තානාපති කාර්යාල මෙහෙයවනවා.

ඉක්මනින් අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ.දෙසැම්බර් මුල ඉදිරි  මාස හතරක මුදල් ලබා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනවා. පෙබරවාරි මුල අයවැය ‍ලේඛනය ඉදිරිපත් කොට මාර්තු මාසයේදී එය සම්මත කරගන්නවා.මාර්තු මාසයේ මැද භාගය එවන විට අයවැය ලේඛනය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නවා.

 


අයවැයෙන් අස්වැසුම අධාර වැඩි කරනවා

දුප්පත් බව තුරන් කිරීම සඳහා ලබන අයවැයෙන් අස්වැසුම සාධාරණ පංගුවකින් වැඩි කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් අප බලාපොරොත්තු වෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"අප රට අලුත් තලයකට ඔසවා තබනවා නම් ඩිජිටල් ශ්‍රී ලංකාවක් ගොඩනැගිය යුතුව තිබෙනවා.

එමෙන්ම අප ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවනවා.එය සිදුවන්නේ පරිසරය සම්බන්ධයෙන් පමණක් නොවේ.යහපත් රාජ්‍යයක් සඳහා පුරවැසියන්ගේ යහපත් පරිවර්තනයක් අවශ්‍යයි.

ඒ නිසා යහපත් ආකල්ප වලින් යුතු පුරවැසි පරපුරක් ගොඩනැගිය යුතුයි.ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අරමුණ එයයි.

සිනහවක් තිබෙන අනෙකා දෙස ලෙන්ගතුව බලන සමාජයක් අවශ්‍යයි.

ප්‍රධානම අභියෝගය වන්නේ දුප්පත් බව තුරන් කිරීමයි අප කිසිවකුත් වසර දහසක් ඉවත්වන්නේ නැහැ.සැමට ආ ආහාර වේලක් අධ්‍යාපනයක් නිවසක් මානසික නිදහසක් සහිත වටපිටාවක් අවශ්‍යයි.

දුප්පත් බව තුරන් කිරීම සඳහා ලබන අයවැයෙන් අස්වැසුම සාධාරණ පංගුවකින් වැඩි කරනවා.පාසල් පොත් මිලදී ගැනීම සඳහා රජයෙන් දීමනාවක් ලබාදීමටත් කටයුතු කරනවා.

එමෙන්ම අයවැය ලේඛනයේදී රාජ්‍ය සේවකයන්ට සාධාරණ වැටුප් වැඩිවීමක් ලබාදෙනවා.

ගැබිණි මව්වරුන් රක්ත හීනතාවයකින් පෙලෙනවා.ඔවුන්ට පෝෂණ ආහාර වේලක් ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරනවා යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.


සමූපකාර ජාලය ශක්තිමත් කරනවා

සමූපකාර ජාලය ශක්තිමත් කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනාධිපතිවරයා මෙසේද කීය.

වෙළඳපලේ අත්‍යවශ්‍ය අංග කිහිපයක් රාජ්‍ය මැදිහත්වීමකින් පැවතිය යුතුයි.යළිත් සමූපකාර ජාලය ශක්තිමත් ලෙස ශක්තිමත් කරනවා.

සංචාරක කර්මාන්තය හරහා ඩොලර් බිලියන අටක ආදායමක් වසර තුන හතරක ආදායමක්  අපේක්ෂා කරනවා.

it ක්ෂේත්‍රයේ වෘත්තීකයන් ප්‍රමාණය ලක්ෂ දෙක දක්වා වර්ධනය කරන්නට අප කටයුතු කරනවා.එයින් ඩොලර් බිලියන පහක අපනයන ආදායමක් අපේක්ෂා කරනවා.

එමෙන්ම අප රට වෙළෙඳ හා නාවික මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ විභවතාවයක් තිබෙනවා.

ණයගැති ගොවි ජනතාවක් අපට දකින්නට සිටිනවා. අප කෘෂිකර්මාන්තය සඳහා විශාල ආයෝජනයක් කර තිබෙනවා.නමුත් අවසන් ප්‍රතිඵලය වන්නේ ණය බරිත ගොවියෙක් බිහි කිරීමයි.ගොවි දරිද්‍රතාවය විශාල සමාජ ඛේදවාචකයක් වී තිබෙනවා.බීජ ගොවිපල දියුණු කළ යුතුව තිබෙනවා.කෘෂිකර්ම නවෝදයක් අත්කර ගන්නේ නැතිව ගොවි ජනතාවගේ ජීවිත ගොඩගන්න බෑ.

කෘෂි කර්මාන්තයට තවත් සහනාධාර ලබා දෙන්න අවශ්‍ය තැන් තිබේ නම් එය ලබා දෙන්නට අප කටයුතු කරනවා.


ආර්ථිකය ගොඩනගන්න කරුණු තුනක උපාය මාර්ගයක්

ආර්ථික දේහයේ කඩාවැටීමට පිළියම් ලෙස කරුණු තුනක උපාය මාර්ගයක් අනුගමනය කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආර්ථික දේහයේ කඩා වැටීමට පිළියම් කිරීම සඳහා නව ආර්ථික උපාය මාර්ගයකින් යුතුව කටයුතු කර යුතුව තිබෙනවා.

භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වේගවත් ප්‍රසාරණයක් කර ගත යුතුව තිබෙනවා.

එමෙන්ම ආර්ථිකයට ජනතාව සම්බන්ධ විය යුතු ජනතාව පිටමං කරන ලද ආර්ථිකයකින් අපට පලක් නෑ.එසේ නැතිනම් ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාවට ලැබෙන්නේ නැහැ.

අප මොනතරම් නිෂ්පාදනය කළත් එහි ප්‍රතිලාභ කොටසකට පමණක් උරුම වෙනවා නම් එයින් පලක් වන්නේ නැහැ.ආර්ථික ප්‍රතිලාභ සාධාරණ අයුරින් ජනතාවට ගලා යාමට සැලැස්වීම අපගේ ප්‍රතිපත්තියයි.


අයිඑම්එෆ් කාර්ය මණ්ඩල ගිවිසුම 23දා අත්සන් කරනවා

මූල්‍ය අරමුදලේ එකඟතා බිඳ දමා ඉදිරි ගමනක් නැතැයි ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ජනාධිපතිවරයා මෙසේද කීය.

වැරදි කරන්න හෝ අත්වැරදීමක් හෝ කරන්න අවස්ථාවක් මේ ආර්ථිකයෙන් උරුම කර දී නෑ.ඒ නිසා ආර්ථිකය මෙහෙයවීමේදී හැම සියුම් දෙයක්ම විමර්ශනය කොට තීරණ ගත යුතුයි.

මූල්‍ය අරමුදලේ එකඟතා බිඳ දමා ඉදිරි ගමනක් නැහැ.මූල්‍ය අරමුදලේ එකඟතා අනුව අප ආර්ථිකය හසුරවන බව දැනුම් දී තිබෙනවා.

තුන්වන සමාලෝචනය ප්‍රමාද වී තිබෙනවා.මේ සතිය ඇතුළත මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතා ගිවිසුමක් 23 වැනිදා අත්සන් කිරීමට හැකි වනු ඇතැයි අප සිතනවා.


ආන්දෝලනාත්මක අපරාධ වලට දඩුවම් දෙනවා

සැමට බියෙන් සැකෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බිහිකරන බවට අප ප්‍රතිඥා දෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"නිදහස යන දේ අප සැමට පොදු දෙයක්.

යළිත් නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කළ යුතුව තිබෙනවා.

සම්මත කරන ලද නීති නිසි පරිදි ක්‍රියාවේ යෙදවිය යුතුව තිබෙනවා.මහජනතාවට නීතිය ක්‍රියාත්මක වන බවට ඒත්තු ගැන්විය යුතුයි.නමුත් පසුගිය කාලයේ ජනතාවට ඒ විශ්වාසය බිඳ වැටුණා.

කිසිම දේශපාලකයෙක් හෝ අධිකාරී බලය තිබෙන කිසි කෙනෙක් නීතියට උඩින් සිටින්නේ නැහැ. සියලු දෙනා නීතියට යටත් විය යුතුයි.

කිසි කෙනෙක් හඹා ගොස් දඬුවම් කරන්න අප කටයුතු කරන්නේ නැහැ.හැබැයි ආන්දෝලනයට ලක්වූ අපරාධ තිබෙනවා.නීතිය පිළිබඳ ජනතා විශ්වාසය ඇති කරන්න නම් ආන්දෝලනයට ලක් වූ අපරාධ සම්බන්ධයෙන් යළි විමර්ශනය කොට අපරාධකරුවන්ට දඬුවම් පැමිණවිය යුතුයි.

ආන්දෝලනයට ලක්ව තිබෙන අපරාධ වලට වගකිට යුත්තන්ට දඬුවම් කරන බවට මා ප්‍රතිඥා දෙනවා.


පාර්ලිමේන්තුව සැඟවුණු ගුහාවක් විය යුතු නෑ

තවදුරටත් පාර්ලිමේන්තුව මහජනතාවට සැඟවුණු ගුහාවක් බවට පත් නොවිය යුතු බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය.

ජනාධිපතිවරයා මෙසේද කීය.

ජනතාවගේ  ප්‍රධාන මූල්‍ය  බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි.එය තවදුරටත් ජනතාවගෙන් විතැන් වූ, ඈත් වූ පාර්ලිමේන්තුවක් බවට පත් කිරීමට තවදුරටත් ඉඩ දිය යුතු නැහැ.

මේ අලුත් පාර්ලිමේන්තුවක් යහපත් පුරුදු වේගයෙන් පුරුදු කළ හැකි පාර්ලිමේන්තුවක් බවට පත්වේවි.

යළි පාර්ලිමේන්තුව අලුත් ගුණයකින් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා සහාය දෙන්න.

පාර්ලිමේන්තුව තවදුරටත් ජනතාවට සැඟවුණු ගුහාවක් නොවේ.මෙහි සියලු දේ ජනතාවට විවෘතයි.අප මහජන නියෝජිතයන් නම් අපගේ සියලුම දේ මහජන පරීක්ෂාවට ලක්විය යුතුයි.

අපට බලය ලබාදීමෙන් පමණක් ජනතා වගකීම අවසන් වන්නේ නැහැ.ඊළඟ ජනවරම තෙක් අප පරීක්ෂා කිරීමේ වගකීම ජනතාවට තිබෙනවා.


යළි කිසි දිනක ජාතිවාදී දේශපාලනයට ඉඩක් නෑ

යළි කිසි දිනක ජාතිවාදී දේශපාලනයට හිස ඔසවන්නට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනාධිපතිවරයා මෙසේද කීය.

දැන් ජනතාවගේ පංගුව ඉටු කර හමාරයි.දැන් ජනතාව වෙනුවෙන් අපේ පංගුව ඉටුකිරීමට කාලය උදාවී තිබෙනවා. ජනතාවගේ දිගු කාලීන ප්‍රාර්ථනයක් වූ ජාතික සමගිය ගොඩනැගීමේ කාලය දැන් උදාවී තිබෙනවා.

යළිත් අප කිසිවිටක ජාතිවාදී දේශපාලනයට ඉඩ දෙන්නේ නැහැ.කවර පන්නයේ හෝ ආගමික අන්තවාදයක් හිස ඔසවන්න ඉඩ දෙන්නේ නැහැ.අප ඇති තරම් ජාතිවාදී ජාතිවාදී අර්බුද නිසා පීඩාවට පත්වුණා.

අනාගත දරු පරම්පරාවට එවැනි රාජ්‍යයක් යළි බිහි නොකිරීමේ වගකීම අපට තිබෙනවා.


ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක පාර්ලිමේන්තුවක් බිහිවී තිබෙනවා

ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක බවින්ද යුත් පාර්ලිමේන්තුවක් බිහිවී ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පැවසීය.

ජනාධිපතිවරයා මෙසේද කීය.

අද පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂී දිනයක්.දශක ගණනාවක් දේශපාලන බලය ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකක හුවමාරු වෙමින් තිබුණා. නමුත් පසුගිය මැතිවරණ වලදී එම බලය අප වෙත ලැබුණා.

එය පාර්ලිමේන්තු ඉතිහාසයේ විශේෂ අවස්ථාවක්.මේ ජනවරම කරුණු ගණනාවකින් සමන්විත වෙනවා. ප්‍රමාණාත්මක අගය ඉක්මවා යන ගුණාත්මක බවක්ද මේ ජනවාරම තුළ තිබෙනවා.

උතුර  දකුණ නැගෙනහිර මෙන්ම බටහිර ආදී සියලු පලාත් ජන කණ්ඩායම් මෙම ජන වරමට දායක වී තිබෙනවා.


පාර්ලිමේන්තු සභා වාරය යළි ඇරැඹෙයි

දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය පෙ.ව 11.30 ට යළි නිල වශයෙන් ඇරැඹිණි.

මේ වන විට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් සිටී.

 


සභාවාරය පැයකට කල් තියයි

පාර්ලිමේන්තු සභාවාරය නිල වශයන් ඇරුඹිම  සඳහා සභා වාරය පෙ.ව. 11.30 වන තෙක් කල් තැබීය.


පාර්ලිමේන්තු සැසිවාරය ඇරැඹෙයි

දස වැනි  පාර්ලිමේන්තුවේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය පෙ.ව 10 ඇරැඹිණි.


දස වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසියට  සියල්ල සූදානම්

දස වැනි  පාර්ලිමේන්තුවේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය තව ස්වල්ප මොහොතකින් ආරම්භ වීමට නියමිතය.

ඒ සඳහා සහභාගීවන මන්ත්‍රීවරු මේ වනවිට පාර්ලිමේන්තුවට පැමිණෙමින් සිටීති.

 

 

 

 



අදහස් (9)

පාර්ලිමේන්තුව දෙසැම්බර් 3 තෙක් කල් තබයි

Dewa Thursday, 21 November 2024 01:05 PM

ඔන්න වැඩකාරයෝ කියන මිනිස්සු බලාගන්න කයියනායක.... හිහ්

:       37       19

පිටිගල මිලානෝ Thursday, 21 November 2024 01:14 PM

ලෝකෙටම ආදර්ශමත් නායකයෙක්.

:       6       62

randil dunuwille Thursday, 21 November 2024 01:41 PM

ඉතිහාසයේ ලංකාවේ ජනාධිපති කෙනෙකුගෙන් අහපු විශිෂ්ඨතම කතාව ඒ දැනුම විශ්වාසය සුපිරි ලස්සන රටක් බිහි කරන්නට සියලු ශක්තිය ධ්‍යෛර්ය ලැබේවා

:       10       64

බමුණුආරච්චි Friday, 22 November 2024 06:28 AM

ඔයවගේ කතා අපි ඕනේ තරම් අහල තිබෙනවා. අපි කෙරුවාව බලමු. හාල් ඇටයක්වත් ගේන්නේ නැහැ කිව්වා හාදය නඩු මෙට්‍රික් ටොන් 70000 ඕඩර් කරලා. වී මෝල්කාරයෝ මෙයාව අල්ලේ නටෝනවා වගේ.

:       3       2

පිටරැටියා Thursday, 21 November 2024 03:23 PM

මෙතෙක් දැක්ක හොර, බොරු ,රැවටිලි නැති අදූෂිත ජනතාවාදී නායකයා. අහපු විශිෂ්ඨතම කතාව.අපේ රටේ ජනතාවට යහපත් සේවයක් කිරීමට සියලු ශක්තියක් ධෛර්යයක් නිරතුරුවම ලැබේවා.

:       7       41

saman Thursday, 21 November 2024 07:01 PM

පුළුවන් නම් මාතර සමූපකාර රෝහල සහ සමූපකාර දේපළ මැරයින්ගේ පුද්ගලික පරිහරණයෙන් මුදාගන්න. ශුවර් බැහැ. මොකද මාතර ඔක්කොම දේශපාලන පක්ෂවලට කළු සල්ලි විසිකරලා තියෙන්නේ.

:       0       1

ranjith Thursday, 21 November 2024 09:09 PM

මෙතෙක් කල් මහා උගත්තු කියලා රටේ පාලනය කරපු මහල්ලෝ කළේ ජනතාව ගොනාට අන්දවන එක. කොහොම හරි මන්ත්‍රීවරු බිලීභාගෙන එයාලගේ වරප්‍රසාද රැක ගත්තු එක තමයි කළේ. ඔය පව් ආත්ම ගාණක් ගෙවන්න වෙනවා. මේ ආත්මෙත් උන්ට ඵල දෙන හැටි දැනටම පේනවා.

:       1       3

Toni Thursday, 21 November 2024 11:04 PM

දීපු පොරොන්දු නම් දින නියමයක් නැතිවම කල් තියලා තියෙන්නේ. මතකද දන්නේ නැහැ..

:       2       2

බමුණුආරච්චි Friday, 22 November 2024 06:25 AM

අවුරුදු 5 කල් තබන්න බැරිද?

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පුංචි ඡන්දෙ ගමන් බිමන් වලට ගිය සල්ලි ආණ්ඩුවට දෙනවා
2025 මැයි මස 03 416 0

පළාත් පාලන ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා තමාගේ ගමන් බිමන්වලට වැය වූ ඉන්ධන මුදල් නැවත රජයට පියවන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.


පුංචි ඡන්දයේ මුල්ම ප්‍රතිඵලය රෑ 11ට
2025 මැයි මස 03 245 0

පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසී


හරක් කටාට දුරකථනයක් දුන් එස්.ටී.එෆ් කොස්තාපල් අත්අඩංගුවට
2025 මැයි මස 03 995 0

ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග ලබා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හඳුන්වන නදුන් චින්තක නොහොත් හර


පාලම් 97ක වැඩ කොටඋඩ
2025 මැයි මස 03 454 0

ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා


’’වියට්නාමේ ඉඳන් මං ඡන්දෙ දාන්න එනවා’’
2025 මැයි මස 03 2082 0

මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය


පාර්ලිමේන්තු ලොක්කෝ මැතිසභා වියදමින් සවාරි ගිහින්
2025 මැයි මස 03 4296 0

කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 550 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 147 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1166 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site