
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු සංකීර්ණයේ තුන්වැනි මහලේ වායු සමීකරණ පද්ධතියේ ඇති වූ සුළු ගින්නක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් ක්ෂණිකව අද(04) පෙරවරුවේ නිවා දමනු ලැබීය.
එම ගින්න හටගෙන තිබුණේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය පැවැත්වෙමින් තිබිය දීය.
මේ සම්බන්ධයෙන් අප වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතාගෙන් කළ විමසුමක දී ඔහු පැවසුවේ එම වායු සමීකරණ පද්ධතියේ සුළු විදුලි කාන්දුවක් ඇති වූ බවයි.
සිද්ධියෙන් දේපළ වලට කිසිදු හානියක් වී නැතැයි ද ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2022 ජුලි මාසේදී, පාර්ලිමේන්තුව ගිනි තියන්න උත්සාහ කරලා බැරිවෙච්චි ජෙප්පෝ සෙට් එක, මේ පාර ඡන්දෙන් පාර්ලිමේන්තුව ඇතුළටම ගිහින්, පාර්ලිමේන්තුව ගිනි තියන්න හැදුවා වද්ද...?