(යොහාන් භාසුර)
පාර්ලිමේන්තුවේ ඡන්ද ප්‍රතිශත සහ එළියේ ජනතා මතය අතර ආලෝක වර්ෂ ගණනාවක පරතයක් ඇති බවත් ලක්‍ෂ 69 ක් ඡන්ද සහ තුනෙන් දෙකක බලයක් තිබූ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඉවත්කිරීමට ද රටේ ජනතා බලය ක්‍රියාත්මක වූ බවත් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (20) පස්වරුවේ පැවසීය.
ජනත මතය පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් නියෝජනය නොවන්නේ යැයි ජනාධිපතිවරයා පත්කිරීමේ ඡන්දයේදී පැහැදිළිව ප්‍රදර්ශනය කළ බව කී පුබුදු ජයගොඩ මහතා පාර්ලිමේන්තුවෙන් එළියෙ සිටින ලක්‍ෂ 200 කට අධික ජනතාවගේ මතය, දේශපාලන අභිලාශයන්, ප්‍රශ්න සහ දුක්ගැනිවිලි පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් හෑලුල්වට ලක්කර ඇති බව ද සඳහන් කළේය.
රටේ ජනතාවට කාලයක සිටම පාර්ලිමේන්තුව පිළිබඳව විශ්වාසයක් නොතිබුණු නිසා ප්‍රශ්න විසඳාගැනීමට අරලිය ගඟ මන්දියර අසළට යෑමට සිදුවූ බවත් ‘බලය ජනතාව අතට’ යන සටන් පාඨ අද වන විට පාර්ලිමේන්තුව තහවුරු කර ඇති බවත් ජයගොඩ මහතා කීය.
පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා, පාර්ලිමේන්තුවේදී පැවැති ජනාධිපති පත්කිරීමේ ඡන්දය පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීම සඳහා කොළඹදී අද පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ගේ මතයයි, ජනතා මතයයි අතර තියෙන්නේ ඊටත් වඩා ලොකු පරතරයක්...
පාර්ලිමේන්තුවෙන් එළියෙ සිටින ලක්‍ෂ 200 කට අධික ජනතාවගේ මතය, දේශපාලන අභිලාශයන්, ප්‍රශ්න සහ දුක්ගැනිවිලිද පෙරටුගාමී සමාජවාදී සහ අන්තරේ අන්තවාදී මතය සමග කිසි සේත්ම එකග නොවන බව තේරුම් ගැනීමට වැදගත් වේ.
දේශපාලනය කෙසේ වෙතත් ඔය ගොල්ලන්ට වගේම අනිත් හදිස්සිකාරයෝ ඔක්කොටමත් රනිල් ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න නම් තියනවා.
තමුන්ට ජනබලයක් නැති අය සුරංගනා කතා කියනව
පිස්සු. ධනාත්මකව දකින්න ඕන. මේ අය හැම විටම ඍණාත්මක සාධක දෙස බලයි
නැහැ අවුරුදු දෙකක පරතරයක්.
ජනතා මතය වසර 5ක් වලංගුයි.
කවුරු හරි මැදිහත් වෙලා මේ මිනිස්සුන්ට මොකක් හරි රැකියාවක් හොයල දෙන්න ඕන. නැත්නම් හරිම කරදරයක් තියෙන්නෙ මේ අයගෙන්. මාධ්‍ය නිදහස අයුතු ලෙස යොදා ගනිමින් රටේ ජන මනස කෙලසන එක අපරාධයක්. රටේ වෛරය පැතිරීම නොකළ දෙයක්.
මෙයාලට කවුරු ආවත් හරි නෑ එ ගොල්ලො ආවොත් තමා හරි, කඩාකප්පල් කරන උන්.
දැන් මේ ගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ අරගලේට මිනිස්සු එන්නේ එයාලා හින්දා කියලා, නැත්තන් ඒගොල්ලෝ පේන්නන්න හදන්නේ එහෙමයි කියලා, ඒකේ ඇත්ත තේරැන් ගන්න මේගොල්ලන්ට තව මාස 2-3න් තේරෙයි,
ජනමතය කියන්නේ ඡන්දයෙන් පත්වීම. කාලකන්නි කොල්ලෝ ටිකක් පාරට බැහැලා පාරවල් වහලා අරගලයක් කියලා නම දාගන්නවාට නොවෙයි. කාලකන්නි කියලා කිවුවේ රටේ දුප්පත් ජනතාවගේ මුදල්වලින් පිනට ඉගෙනගන්න ගමන් ඒ බදු මුදල් විනාශ කරන නිසයි.
කමෙන්ට් කරල තියෙන හදහස්වල අනුව පෙනීයන්නෙ , බහුතර ජනයා හොරකම කමති හ ඔවුනුත් හොරකමෙ යෙදී සිටිනව පමණක් නොවෙ , හොරකමෙන්එම මුදලින් ජීවත්වන බවයි
කිසිදු මන්ත්‍රී කමක් ගන්නවත් ජනපදනමක් නැති මේ වගේ මිනිස්සු මොකොටද මේ දෙශපාලනයේ යෙදෙන්නේ මිනිසුන් රවටල ජීවත් වෙන්න ඕන
අරගලයෙන් ඉතිරිකරගත්, ලබාගත්දේ කුමක්ද? ජනාධිපතිවරයාගේ නිවසට කඩා වැදී අගමැති නිවසට ගිනි තබමින් ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් කෙතරම් අශීලාචාරද යන්න ඔවුන් මුළු ලෝකයටම පෙන්වා දුන්හ. මොවුන්ගේ ක්‍රියා දැකීමෙන් පසු කිසිම බටහිර රටක් ඔවුන් දේශපාලන රැකවරණ සඳහා සලකන්නේ නැත. ගෝඨා වගේ මහත්මයෙක්ව හෑල්ලු කරලා එලවලා දාලා නාකි නරියෙක් ජනාධිපති කරගත්තා.
පෙරටුගාමි පක්ෂයේ ඡන්ද පදනම අටදාහයි. ඒ කියන්නෙ එයාලගෙ අන්තරේ සාමාජිකයොවත් ඡන්දෙ දෙන්නෙ නෑ.
මොවුන්ට අවශ්‍ය පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම, බෙදුම්වාදීන්ට උඩගෙඩි දෙන ආණ්ඩුවක් පත්කර ගැනීම...
ජවිපෙයි පෙරෙටුයි මතේ තියෙන්නෙත් ආලෝක වර්ෂ ගණනාවක් දුරින් වගේ. ඒ හින්ද වෙන්න ඇති වසන්ත උන්නැහේට නැව් ටොකු දුන්නේ.
නන් දොඩවනෝ....
ඒ වගේම මේ නිර්පාක්ෂීක (?) ජනඅරගල සංවිධායකවරුත් ජනඅරගල අනුගාමිකයොත් අතර ඒ වගේම පරතරයක් තියනවා.
අනේ මචං ජොබ් එකක් හොයාගන කරගෙන හිටපල්ලා. රාජපක්ෂල විතරක් නෙවෙයි උඹලත් මේ රටට සාපයක්. ආණ්ඩුවෙ ජොබ් කරන අයට වඩා තැලෙන්නෙ මේ අපි වගෙ අපේ හයියෙන් ජීවිතේ ගෙවන එවුන්
නරියා මිදි ඇඹුල් රසයි කිව්වලු.
ජනතා මතයත් එය පෙරටුගාමීන්ට අවනත වන ලෙස හසුරුවා ගැනීමත් අතර තිබෙන්නේද ආලෝක වර්ෂ ගණනාවක පරතරයකි.
සාමාන්‍ය මිනිස්සු අතරේ තියෙන්නේ 3%ට එහා යන්න බැරි මොකක්දෝ මූසලකමක්...