
(ඩයනා උදයංගනී)
ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු නිදහස ජාතික සභාව නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමට පාර්ලිමේන්තුව තුල අදහස් දැක්වීමේ අවස්ථාවක් නොදෙන බව පවසමින් ඊට විරෝධය පා එම මන්ත්‍රී කණ්ඩායම අද උදෑසන පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී මාධ්‍ය හමුවක් පැවැත්වූහ.
එම කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසුවේ රජය දියත් කර තිබෙන මර්දනය රට තුළ පමණක් නොව පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළත් කරගෙන යන බවයි.
රජය මන්ත්‍රීවරුන් 13 දෙනෙකුට සභා ගර්භය තුළ කතා කිරීමේ අයිතියවත් අද ලබා දී නැතැයි කී මන්ත්‍රීවරයා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අතර මූලික අයිතියක් වන භාෂණයේ අයිතිය මෙලෙස අමු අමුවේ උල්ලංඝනය කිරීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමක් බව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංවිධානය අන්තර් පාර්ලිමේන්තු සංවිධානය හා සාර්ක් කලාපීය සංවිධානය දැනුවත් කිරීමට ද බලාපොරොත්තු වන බව ද ජී.එල් පීරිස් මහතා කීවේය.
ජාතික සභාව පිහිටුවමු හැමෝම එකතුවී වැඩ කරමු කියන අතර මන්ත්‍රීවරු 13 දෙනකුට කතා කිරීමේ අයිතියත් අහිමි කර ඇතැයි හෙතෙම පැවසීය.
නිදහස ජාතික සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහ්ප්පෙරුම, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, නීතීඥ වසන්ත යාපා බණ්ඩාර, මහාචාර්ය ගුණපාල රත්නසේකර, නීතීඥ උදයන කිරිදිගොඩ, වෛද්‍ය තිලක් රාජපක්‍ෂ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල් ගහන්න අනේ...!
විහිළු කරන්න එපා...
ඔය කතාකරන මිනිස්සු එක වැඩකට ඇති දෙයක් කතා කරනවද?
පුළුවන් එකම දේ වන කතා කිරීම කරන්නවත් එයාලට අවස්ථාව දිය යුතුයි.
දන්නා තරමට දේශපාලනය කරගෙන හිටිය මේ මනුස්සයාව ජනාධිපති පුටුවක් පෙන්නලා අමාරුවේ දැම්මා කියලයි මට හිතෙන්නේ...
නරකද උම්බෑවෙක් ළඟට ගිහිල්ලා අවශ්‍ය කාලයට කයියක් දාගෙන හිටියා නම්...? එතකොට අසරණ ජනතාවගේ සල්ලි ඉතුරු වෙනවා...!
එකිනෙකාට මඩ ගහගන්නවා මිසක් හරිහමන් දේවල්ද කතා කරන්නේ..?
යන්න පුළුවන්නම් පාරට...