(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟම අහෝසි වූ රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අද (10) පිහිටුවනු ලැබීය.
නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරුන් 21 දෙනකු තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලැබ ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (10) දැනුම් දුන්නේය.
රජයේ මුදල් කාරක සභාවේ සේවය කිරීම සඳහා මෙසේ පත්කරනු ලැබ සිටින්නේ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන , මන්ත්‍රී විදුර වික්‍රමනායක ,අමාත්‍ය නලීන් ප්‍රනාන්දු
මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා,මන්ත්‍රී විජිත හේරත්,මන්ත්‍රී දුමින්ද දිසානායක,මන්ත්‍රී ශෙහාන් සේමසිංහ , මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ,මන්ත්‍රී ඉන්දික අනුරැද්ධ, මන්ත්‍රී සිරිපාල ගම්ලත් ,මන්ත්‍රී වෛද්‍ය සීතා අරඹේපොල, මන්ත්‍රී ආචාර්ය සුරේන රාගවන්, මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්, මන්ත්‍රී කාවින්ද ජයවර්ධන,මන්ත්‍රී මුජිබර් රහුමාන් මන්ත්‍රී හර්ෂණ රාජකරැණ, මන්ත්‍රී චමින්ද විජේසිරි මන්ත්‍රී ඉසුරැ දොඩංගොඩ , මන්ත්‍රී අනූප පැස්කුවෙල්,මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර යන අය වෙති.
ස්ථාවර නියෝග 121 විධිවිධාන ප්‍රකාරව තේරීම් කාරක සභාව විසින් මෙම නම් කිරීම කරනු ලැබ ඇත.
නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ කටයුතු කළ කංචන විජේසේකර,, මනුෂ නානායක්කාර, කුමාර වේල්ගම ඩිලාන් පෙරේරා, සරත් වීරසේකර සහ නාලක ගොඩහේවා යන මහත්වරු එම කමිටුවෙන් ඉවත් කරන කරනු ලැබ සිටිති.
ඊට අලුතින් ඇතුළත්වී සිටින සාමාජිකයන් වන්නේ දුමින්ද දිසානායක, ශෙහාන් සේමසිංහ සිරිපාල ගම්ලත් ,සීතා අරඹේපොල හර්ෂණ රාජකරුණා සහ චමින්ද විජේසිරිය.
නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාය.
නව කමිටුව සඳහා සභාපතිවරයා පත් කිරීමද අද හෙටම සිදුකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉහත නම් සඳහන් මන්ත්‍රීවරුන්ගෙන් කිසියම්ම චෝදනා ඇති අයවලුන් සිටීනම්, මහජන මුදල් අපතේ යැවීමක්.. නොහොත් හොරාගේ අම්මගෙන් පේන ඇසීමක්...
බලන්න මේකට පත්කළ අය කවුද කියලා. කමිටුව පත්කිරීම කළයුතු හොඳම දෙය නම් ඒ ඒ මන්ත්‍රීවරයා හෝ වරියගේ අධ්‍යාපන සුදුසුකම් මත පත්කිරීමයි. බලන්න මුදල් කමිටුවේ දොස්තරලා කී දෙනෙක් ඉන්නවාද කියලා... ඇයි ඒ අය සෞක්‍ය කමිටුවලට පත්කරන්න බැරි? කෘෂිකර්මය සඳහා දක්ෂතා ඇති අයට කෘෂිකර්ම කමිටුව හොඳයි.. නීතිය දන්නා අයට එම කමිටුව හොඳයි. මෙපමණ කලක් කළේත් නුසුදුසු අයට නොදන්නා දේ පැවරීමයි...!