IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුවේ 60 පැනපු අයත් ගෙදර

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලයේ  වයස අවුරුදු 60 සම්පූර්ණවූ සාමාජිකයන්ද ලබන දෙසැම්බර් මස 31 වැනි දින විශ්‍රාම ගැන්වීමට  රජය තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ කාර්ය මණ්ඩලයේ  පිරිසක්  විශ්‍රාම යෑමේ  අවම වයස 65 දක්වා දීර්ඝ කර ගැනීමට පසුගිය දිනවල උත්සාහයක නිරතව සිටියහ.

මේ අතර පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ කාර්ය මණ්ඩලයේ වයස 60 සම්පූර්ණවූ සාමාජිකයන්ට තමන්ගේ කැමැත්ත පරිදි ලබන දෙසැම්බර් මස 31 වෙනිදා  හෝ ඊට පෙර  විශ්‍රාම ගත හැකි බව පාර්ලිමේන්තුවේ  අධ්‍යක්ෂ( පරිපාලන) තච්චනා රාණි මහත්මිය විශේෂ චක්‍රලේඛයක්  පසුගිය 21 වෙනිදා  දාතමින් යුතුව   නිකුත් කරමින් දැනුම්දී ඇත.

විශ්‍රාම ලිපි ගොනු සකස් කිරීම සඳහා අවශ්‍ය  ලේඛන  ආයතන කාර්යාංශය වෙත බාරදෙන ලෙස වයස 60 සම්පූර්ණ වීම නිසා ලබන දෙසැම්බර් මස විශ්‍රාම ගැනීමට නියමිත නිලධාරීන්ට  එමගින් දන්වා තිබිණ.

මේ අතර පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු   වයස අවුරුදු 50 ට එලඹීමෙන් අනතුරුව අවුරුදු 60 ට පෙරාතුව විශ්‍රාම යෑමට අදහස් කරන්නේ නම් විශ්‍රාම යෑමට අපේක්ෂා කරන දිනට මාස හයකට පෙර ඒ බව ලිඛිතව දැනුම්දී කතානායකවරයාගේ අනුමැතිය ලබා ගත යුතු බව පරිපාලන අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් දැනුම්දී ඇත.



අදහස් (10)

පාර්ලිමේන්තුවේ 60 පැනපු අයත් ගෙදර

ගමේ එකාලා Tuesday, 27 September 2022 04:38 PM

හොරකම්, වන්චා, දූෂණ කරපු, රටම විනාශ කරපු, 60 පැනපු බලලෝභී බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන් ගැනත් තීරණයක් ගන්නවා නම් තමයි හොඳ? එසේම වේවා කියා ප්‍රාර්ථනා කරනවා...

:       0       2

යෝගා Tuesday, 27 September 2022 06:18 PM

අඩුම ගානේ 80 පැනපු මැති ඇමතිවරු ටිකවත් විශ්‍රාම යවන්න බැරිද

:       0       2

KULE Tuesday, 27 September 2022 06:35 PM

තාවකාලික රැකියා සඳහා වසර 5කට එන අයට ඔය නීතිය බලපානකම් තමයි බලමින් ඉන්නෙ

:       0       2

podi mole Tuesday, 27 September 2022 08:22 PM

එතකොට අර සබාව මැද්දේ ඉන්න නාකිහැතිකරේ ගෙදර යවන්නේ නැද්ද?

:       0       2

Sk Tuesday, 27 September 2022 09:23 PM

225 ට මේක බලපාන්නේ නැද්ද?

:       0       2

shan Wednesday, 28 September 2022 07:33 AM

පාර්ලිමේන්තුවේ ඉන්න 70 පැනපු උන්ට මේ නීතිය නැත්තේ අැයි. උං ඔක්කොමට පෙර යායුතුයි.

:       0       3

Senarath Wednesday, 28 September 2022 09:15 AM

මමනම් හිතුවා 225නුත් කොටසක් මේකට ඇතුළත් වේවි කියලා. බැලුවාම ඒ හොරු රැළ මේකෙන් නිදහස් කරලා. රටේ වැදගත්ම තැනට වයස ප්‍රශ්නයක් නැති වෙන්නේ කොහොමද? 65 පැනපු සේරම එළියට දාන්න ඕනේ.. ඒ වගේම විශ්‍රාම වැටුපත් රජයේ සේවකයන්ට දෙන විදිහටම දෙන්න ඕනේ. අවුරුදු 5ට තිබුණු සීමාව 10කළාට ඒකත් ගැලපෙන්නේ නැහැ.

:       0       3

ගජබා Wednesday, 28 September 2022 09:37 AM

ඒ කියන්නේ මේ ගොල්ලොත් අරගොල්ලෝ වගේම එල්ලිලා ඉන්නද උත්සාහ කරලා තියෙන්නේ? යසයි වැඩේ...

:       0       2

ganegoda Wednesday, 28 September 2022 04:27 PM

ගෙදර යව්වටනම් කමක් නැහැ. එත් ඇයි එයාලට විශ්‍රාම ගෙවන්නෙන් ? මොනව කෙරුවටද ?

:       0       1

samaadi Wednesday, 28 September 2022 05:54 PM

මේ ගොල්ලොනේ අපේ රටේ මන්දපෝෂණයෙන් බිහි කෙරුවේ... ඒ නිසා දැන් මහන්සියටත් එක්ක ඉක්මණින් විශ්‍රාම යවලා ජීවත් වෙලා ඉන්නතාක් ගෙවන්න ඕනෑනේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 549 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 715 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 295 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site