(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ නිලධාරීන් සහ සේවකයන් 35 දෙනෙකු පසුගිය 31 වෙනිදා විශ්‍රාම ගොස් ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙසේ විශ්‍රාම ගිය පිරිසට අංශ ප්‍රධානීහු කිහිප දෙනෙක්ද ඇතුළත් වූහ.
රජයේ සේවකයන්ගේ විශ්‍රාම යන වයස් සීමාව 60 දක්වා සීමා කිරීමට රජය පසුගියදා ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය. පාර්ලිමේන්තුවේ මේ පිරිස විශ්‍රාම ගියේ ඒ අනුව බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම නිලධාරීන් සහ සේවකයන් සිය රාජකාරි කාලය දීර්ඝ කර ගැනීමට පසුගිය කාලයේදී කිසියම් උත්සාහයක් ගත්තද එය ව්‍යාර්ථවිය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ මේ ප්‍රශ්නයේදී පාර්ලිමේන්තුවට විශේෂ ආකාරයෙන් සැලකුවහොත් රාජ්‍ය සේවය තුළ විශාල ව්‍යාකූල තත්වයක් මතුවිය හැකි බවයි.
එසේ හෙයින් පාර්ලිමේන්තු නිලධාරීන්ට සහ සේවකයන්ට පමණක් විශේෂ කර සේවා දීර්ඝයක් ලබාදිය නොහැකි බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
වයස 60 සම්පූර්ණ වන පාර්ලිමේන්තුවේ තවත් සේවකයන් පිරිසක් මේ වසරේදී විශ්‍රාම ගැනීමට නියමිත බවද පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.
වයස 60 සම්පූර්ණවූ රාජ්‍ය සේවකයන් තිස් දහසකට ආසන්න පිරිසක් පසුගිය 31 වෙනිදා විශ්‍රාම ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව 225ක්ම ඉන්නවා ගෙදර යවාගන්න...!
සේරම හැට පිරුනු කට්ටිය ගෙදර යද්දි. මොලයක් නැති. රට විනාස කරපු හම් ඇකිලුනු හැරමිටියෙන් හෙට යන්න ඉන්න 250 ගැන කවුදතිරන කරන්නෙ. මේකකරන්න ඕන ජනතාව. චන්දයේදි මොලේ පාවිච්චි කරලා තරුන නායකයින් පත් කරගන්න.
ගවමඩුවේ ඉන්න 60 පිරුනු සියලුම ගවයිනුත් විශ්‍රාම යැවිය යුතුයි.60න් ගෙදර යවන්නේ වයස නිසාත් අකර්‍යක්ශම නිසාත් නෙවැ.මේ 60 විශ්‍රාම යැවීමේ යෝජනාව ඉතාම මෝඩ තීරනයකි.
ඇයි 60 ගණන්වල ඇමතිවරු එළියට යන්නේ නැත්තේ ??
කාව ගෙදර යවන්නත් කලින් දියවන්නාවේ ඉන්න බූරුවෝ ටික ගෙදර යවන්න ඕනි.තවත් රටම කකා ඉන්නවා.
කථානායකයාට හරියට හිතේ අමාරු ඇති. මොකද ඔය වැඩකට නැති පාර්ලිමේන්තුවේ වැඩට ඉන්න අයගෙන් බහුතරයක් කථානායකයගේ ඥාතීන්....