(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුව අද (3) පෙරවරු 10.00ට රැස්වූ අතර එම රැස්වීම පැය තුනකට සීමා විය.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආරාධිත නිලධාරින්, සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට පාර්ලිමේන්තු සංකිර්ණය වෙත ඇතුළු වීමට අවස්ථාව නොලැබිණි.
අද දිනයේ මාධ්‍යවේදීන්ට ද පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීම සඳහා අවස්ථාව නොලැබුණු අතර කොවිඩ් වසංගතය හේතුවෙන් මෙම පියවර ගෙන තිබිණි.
යළිත් නොවැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව කැඳවීමට නියමිතය.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම සතියේදී පාර්ලිමේන්තුව එක් දිනකට සීමා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ජනාධිපතිතුමනි, පුද්ගලික අංශයේ අපි ගැනත් හොයා බලන්න. මම කොළඹ පරිගණක මෘදුකාංග ආයතනයක සේවය කරන කෙනෙක්. අපේ ඉහල අය අපිව අයින් කරන්න පුදුම විදියට වැඩ කරන්නේ. අපි දිවා රෑ නොමරා වැඩ ගන්නවා. දරු මල්ලෝ නෝනා එහෙම සාංකාවෙන් ඉන්නවා. මගේ නෝනටත් එහෙමයි. ඒ මනුස්සය අපා දුකක් විඳින්නේ රෑ තිස්සේ නිදි මරාගෙන. දරා ගන්න බැරි වැඩ පටවනවා අපි බොහෝ දෙනෙකුට. අපේ ගොඩක් අයට එයාලම ලියුම දීලා යන තැනට වැඩ කරනවා මානසිකව වට්ටලා. මෙහෙම කරොත් අපිට පිස්සු හැදිලා මැරිලා යයි. ගිය වර අපේ පඩි කැපුවා බාගෙට බාගයක්. එත් අපි ගෙවල් වල ඉඳන් හැම දේම කළා. කිසිම පාඩුවක් වෙන්න තිබ්බේ නෑ. දැනුත් අපේ සල්ලි වලින් ඔෆිස් එකේ වැඩ කරන්නේ. මේවට ගෙවන්නෙත් නෑ. අපි කාටද මේවා කියන්නේ? මේ වෙලාවේ වෙනත් තැනක රැකියාවකට ඉල්ලුම් කරන්නත් බෑ. පුද්ගලික අංශයේ අපි ගැන හොයල බලන්නේ නැද්ද? අඩු ගානේ එයාපෝට් එක හරි ඇරලා දෙන්න වෙන රටකට ගිහින් මැරිලා හරි යන්නම් ලංකාවට අපිව එපා නම්. කොරෝනා නිසා නෙමේ අපි මැරෙන්නේ මානසික ලෙඩ හැදිලා.
හරි වැඩ කාරයො ටික... නොදකින් ...
මේ කොරෝනා අස්සෙ පාර්ලිමේන්තුව රැස්වීමත් අවදානම්.
ඇයි පාර්ලිමෙන්තුවෙ 225ටම කොරෝනා හැදුණොත් කොහොමද?
අපේ සර්ට දැන් ඔක තිබුණත් එකයි, නැතත් එකයි... ඔකෙ ඔක්කොම බලතල දැන් අපේ සර් ගාව...