(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහීක වීරරත්න )
පාර්ලිමේන්තු ගෘහපාලන දෙපාර්තමේන්තුවේ සමහර රූමත් සේවිකාවන්ට ඇතැම් ප්‍රධානීන්ගෙන් සිදුව ඇතැයි පැවසෙන ලිංගික හිංසන සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයේදී යම් නිලධාරියකු හෝ පිරිසක් එවැනි වරදක් කර ඇති බව තහවුරු වුවහොත් ඔවුනට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පත්කෙරුණු කමිටුව විමර්ශන කටයුතු අපක්ෂපාතීව කරගෙන යන බවද ඇය සඳහන් කළාය.
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශය පිළිබඳ 2023 ජූලි 30 සහ ඒ ආසන්න දිනවල මාධ්‍යවල පළ කරන ලද වාර්තා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා ජේෂ්ඨ නිලධාරිනියන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවද ඇය සඳහන් කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නිලධාරියකුගේ වැඩ තහනම් කර ඇති අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවිකාවන්ට, අදාළ කමිටු සාමාජිකාවන් පෞද්ගලිකව හමුවී හෝ දුරකථන හෝ ඊ-මේල් මාර්ගයෙන් අදාළ කරුණු සම්බන්ධව දැනුවත් කිරීමේ අවස්ථාව පවතින බව මහලේකම්වරිය සඳහන් කළාය.
එකී කරුණු සම්බන්ධයෙන් අදාළ කමිටු සාමාජිකයන්ට අමතරව පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ සහකාර මහ ලේකම්වරයාටද තොරතුරු ඉදිරිපත් කළ හැකි බව අභ්‍යන්තර චක්‍රලේඛයකින් දන්වා ඇතැයි රෝහණදීර මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා බලලා චූන් වෙන්න එපා. මේවා කයිවාරු විතරයි. මොවුන් මේ වැඩේ දිගටම කරගෙන යනවා. ඔවුන් එක්ක ඉන්න බැරිනම් රස්සාවෙන් අස්වෙලා කියයි... එච්චරයි. අපි නොදන්න දැඩි තීරණ.
මෙන්න අපේ බදු සල්ලිවලින් පාර්ලිමේන්තුවේ අය බදු ගහනවා. කොට්ට පැදුරුත් දාගෙන... මාර රටක්නේ මේක...
සියලුම ආයතනවල මේ තත්වය දැනුම් දෙන්න ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍යයි.
ඉතා හොඳයි