IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ඇමති පෝල්රාජ්

(යොහාන් භාසුර)

අමාත්‍ය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය ලෙස තේරීපත් වූවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පළමු වරට අග්‍රාමාත්‍ය ,ආචාර්ය හරිනි අමරසුරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හේමාලි වීරසේකර සහ පාර්ලිමේන්තුවේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර යන මහත්මීහු ද එක්ව සිටියහ. මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නව සභාපති ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මිය යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අනුෂ්කා තිලකරත්න මහත්මිය එම යෝජනාව ස්ථිර කලාය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරු ලෙස චමින්ද්‍රානි බණ්ඩාර කිරිඇල්ල මහත්මිය රෝහිණි කවිරත්න මහත්මියගේ යෝජනාවෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මියගේ ස්ථිරත්වයෙන් තේරීපත්වුවාය.

සමන්මලී ගුණසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මහත්මියගේ යෝජනාවෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දීප්ති වාසලගේ මහත්මියගේ ස්ථිරත්වයෙන් නියෝජ්‍ය සම සභාපතිනියක් ලෙස තේරීපත්වුවාය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය පැවසුවේ, මහජනතාව විසින් ඡන්දයෙන් කාන්තාවන් සැලකියයුතු ප්‍රතිශතයක්, මන්ත්‍රීවරියන් ලෙස පාර්ලිමේන්තුවට තේරීපත්කර එවීම සුවිශේෂී ජයග්‍රහණයක් බවත් ඉදිරියේදී කිසිදු දේශපාලන මතවාදයකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය තුළ කටයුතු කිරීමේ වැදගත් බවත්ය.

මෙරට සෑම කාන්තාවක්ම සුරක්ෂිත වෙන රටක් නිර්මාණය කිරීම සංසදයේ අපේක්ෂාව බව සභාපතිනී අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පැවසුවාය.

මෙහිදී සංසදය ඉදිරියේදී කිරීමට අපේක්ෂිත වැඩසටහන් හා ක්‍රියාමාර්ග පිළිබඳ අධ්‍යනය කර වාර්තා කිරීමට නියෝජ්‍ය සම සභාපතිවරියන් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් අනු කමිටුවක්ද පිහිටුවනු ලැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි විජේරත්න මහත්මියගේ යෝජනාවකට අනුව ස්ත්‍රී - පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට එරෙහි දිනය සිහිගන්වමින් එය සැමරීම ලබන 6 වැනිදා කිරීමට ද නියමිතය.

මේ අවස්ථාව සඳහා අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන රෝගීණි විජේරත්න, සමන්මලී ගුණසිංහ, චමින්ද්‍රානි බණ්ඩාර කිරිඇල්ල, දීප්ති වාසලගේ, තුෂාරි ජයසිංහ, ඔෂානි උමංගා, ආචාර්ය කෞශල්‍යා ආරියරත්න, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, ලක්මාලි හේමවන්ද්‍ර, ගීතා හේරත්, හිරුණි විජේසිංහ, අනුෂ්කා තිලකරත්න, සාගරිකා අතාවුද, එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි, නිලුෂා ලක්මාලි ගමගේ, ඒ.එම්.එම්.එම්. රත්වත්තේ, නිලන්ති කොට්ටහච්චි, හසාරා ලියනගේ සහ අම්බිකා සාමිවේල් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 



අදහස් (1)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ඇමති පෝල්රාජ්

Rrxy Thursday, 05 December 2024 03:02 AM

සරෝජා පොල් රාජ් සහෝදරිය ඔබට සුබ පැතුම්...!

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site