(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තේරීම් කාරක සභාව (committee of selection) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (9) පත් කරනු ලැබීය.
කතානායකවරයාගේ සභාපතිත්වයෙන් යුතු මෙම තේරීම් කාරක සභාවේ සෙසු සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ සිටින්නේ සුසිල් ප්‍රේම ජයන්ත, ප්‍රසන්න රණතුංග ,නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්ද, ලක්ෂ්මන් කිරිඇල්ල ,ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගයන්ත කරුණාතිලක රවුෆ් හකීම්, ගාමිණි ලොකුගේ, විජිත හේරත්, සෙල්වම් අඩෙයිකලනාදන් සහ සාගර කාරියවසම් යන මන්ත්‍රීවරු වෙති.
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම කිරීමත් සමග තේරීම් කාරක සභාව අහෝසිවී ගිය අතර එය මෙලෙස නැවත පිහිටුවීමට සිදුවූයේ ඒ අනුවය.
පාර්ලිමේන්තුවේ සියලුම කමිටු පත් කරනු ලබන ප්‍රධාන යාන්ත්‍රණය වන්නේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවයි.
නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය අවසන් කරනු ලැබීමත් සමග කෝප් ,කෝපා ඇතුළු පාර්ලිමේන්තු කමිටු හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක් අහෝසිවී ගියේය.
අහෝසිවී ගිය එම කමිටු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ඉදිරි දිනවල පත් කෙරෙනු ඇත.
නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තේරීම් කාරක සභාවේ පළමු රැස්වීම කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (9) පස්වරුවේ පැවැත්විණ.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කෙරේ