(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අහෝසිවී ගිය  පාර්ලිමේන්තු කාරක සභා සඳහා නාමයෝජනා ඉදිරිපත් කරන ලෙස සියලු දේශපාලන පක්ෂවලට දැනටමත් දැනුම්දී ඇතැයි  පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් ටිකිරි ජයතිලක මහතා පැවැසීය.

අහෝසිවී ගිය කමිටු අතුරින්  දැනට පත් කරනු ලැබ ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සහ රාජ්‍ය මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පමණි.

මේ අතර පාර්ලිමේන්තු කමිටු බොහොමයක සභාපති ධූර විපක්ෂයට ලබාදීමට කතානායකවරයා දැනටමත් එකඟත්වය පළ කර ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින්  පැවසෙයි.

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගය පක්ෂයේ ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් පසුගියදා පත් කරනු ලැබීය.

කෝප්  කමිටුව සඳහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී   එරාන් වික්‍රමරත්න මහතාද  කෝපා  කමිටුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී  කබීර් හෂීම්  මහතාද  ඉදිරියේදී  පත් කිරීමට නියමිතය.