(සුජිත් හේවාජුලිගේ)
රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම්ද තාවකාලිකව නතර කර ඇත.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරුන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට හෙට (12) පෙරවරු 10.00 ට කැඳවීමට නියමිතව තිබූ නමුත් රටේ පවතින දේශපාලන තත්වය හේතුකොටගෙන එම රැස්වීම නොපැවැත්වීමට තීරණය කළ බව කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා පසුගිය කෝප් කමිටු රැස්වීමේදී කළ පෞද්ගලික ප්‍රකාශය හේතු කොටගෙන ඛණිජ තෙල් මිල සම්බන්ධයෙන් රට තුළ විශාල ආන්දෝලනාත්මක තත්වයක් උද්ගත විය. මේ අනුව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධානීන් කැඳවා ඒ ගැන විමර්ශන පැවැත්වීමට කෝප් කමිටුව තීරණය කර තිබිණ.
රටේ තත්වය සමනය වූ පසු කෝප් කමිටු රැස්වීම පැවැත්වීමට තීරණය කළ බවද චරිත හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd