IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තු කමිටු පිහිටුවීම ලබන සතියේ

 

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග අහෝසිවූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා ) ඇතුළු එහි සියලු කමිටු පිහිටුවීමේ කටයුතු  ලබන සතියේ අරඹන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය.

මේ අනුව  පාර්ලිමේන්තුවේ  කමිටු  ස්ථාපනය කරනු ලබන ප්‍රධාන යාන්ත්‍රණය වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ( Committee of Selection) ලබන 9 වැනිදා  පත් කර ගැනීමට කටයුතු කරන බවද  හෙතෙම සඳහන් කළේය.

පාර්ලිමේන්තු කමිටුවලට ඒ ඒ දේශපාලන  පක්ෂවලින් ඉදිරිපත් කෙරෙන සාමාජිකයන් සම්බන්ධයෙන්  ලබන සතියේදී   නාමයෝජනා කැඳවෙන බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි.

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් වාරාවසාන කරනු ලැබීමත්  සමග කිහිපයක් හැරෙන්නට  පාර්ලිමේන්තු කමිටු හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක් අහෝසි වූයේය.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග  අහෝසිවී  නොයන  කාරක සභාවන්නේ   උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව, ආංශික අධීක්ෂණ කාරක සභා හා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාය.

කාරක සභා අහෝසිවී ගියත් ඒවායේ මෙතෙක් සිදු කෙරුණු  විමර්ශන සහ වෙනත් කටයුතු  එතැන් සිට ඉදිරියට ගෙන යා හැකි බව පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කරනු ලැබූවේ පසුගිය මස 28 වෙනිදාය.



අදහස් (0)

පාර්ලිමේන්තු කමිටු පිහිටුවීම ලබන සතියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 189 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 395 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 168 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site