(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (3) පස්වරු 2.00 ට පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තුව 8 වැනිදා විවෘත කිරීමෙන් පසු රැස්වීම් පැවැත්වෙන ආකාරය සහ විවාදයට ගන්නා යෝජනා සම්බන්ධයෙන් මෙහිදී තීරණය කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවැසීය.
ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය පසුගියදා අවසන් කරනු ලැබීය.
පාර්ලිමේන්තුව නැවත උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතව ඇත්තේ ලබන 8 වැනිදාය.
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමෙන් පසුව කෝප් සහ කෝපා ඇතුළු එහි කමිටු හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක් අහෝසිවී ගියේය. පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් පසුව තේරීම් කාරක සභාව පත්කර එම කමිටු කඩිනමින්ම පත්කර ගැනීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ කුෂාණී රෝහණදීර මහත්මිය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd