
(අජිත් සිරිවර්ධන)
ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු ආපන ශාලාවේ ආහාර කිසිම දිනක ලබා නොගන්නා බව හෝ රජය වාහන ලබා ගන්නා බව ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් කිසිම දිනක ප්‍රකාශ කර නැතැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවෙන් දෙන ආහාර වෙල් ලබාදිය යුත්තේ සාමාන්‍ය වෙළඳපොළේ පවතින මිල ගණන් යටතේ බව තමන් පාර්ලිමේන්තුවට පැමිණි පළමු දින සිට ප්‍රකාශ කර සිටි බවද අමාත්‍ය බිමල් රත්නායක පැවැසුවේය.
තම පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ලබා දෙන ආහාර වේල් ලබා නොගන්නා බවත් නිල වාහන ලබා ගන්නා බවත් ප්‍රකාශ කර ඇති බවට ඇතැම් පාර්ශ්ව ඒත්තු ගැන්වීමට උත්සාහ කරණ බවද ඔහු ප්‍රකාශ කළේය.
කිසිම දිනක ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එවැනි ප්‍රකාශ කර නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. 2000 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තු පැමිණි අවස්ථාවේදී ආහාර වේලක් රුපියල් 15 කට අලෙවි වූ බවද ඔහු පැවැසුවේය.
පාර්ලිමේන්තුවේ ලබාදෙන ආහාර වේලක මිල වැඩිවිය යුතු බවට 2004 හෝ 2005 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළ බවද අමත්‍යවරයා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරුන්ට ගෙදරින් ආහාර ගෙන ඒම කිසිසේත් කළ නොහැක්කක් බවද ඔහු පැවැසුවේය. ලෝකයේ සෑම රටකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට ආහාර ලබා දෙන බවත් ජාතික ජන බලවේගය කියා සිටින්නේ සාමාන්‍ය පවතින මිලට එම ආහාර වේල් ලබාදිය යුතු බවත් යැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන බනේ නවතා ඒ කාලය අලි මිනිස් ගැටුම විසඳීම වෙනුවෙන් යොදවන්න...!
හරි, ඔය තියරියට අනුව මාදිවෙල නිල නිවාසත් වෙළඳපලේ පවතින මිලටම මන්ත්‍රීලාට කුලියට දෙන්න ඕනෑ. පාර්ලිමේන්තු කැන්ටිමේ ආහාර වලට එකකුත් නිවාස වලට තව එකකුත් ප්‍රතිපත්ති දෙකක් තියෙන්න බෑනේ. හැබැයි ඉතින් කිසිම ප්‍රතිපත්තියක් නැති, වැල යන පැත්තට මැස්ස ගහන පක්‍ෂයකින් ඔය එකක්වත් කෙරෙන්නේ නෑ...
මොවුන් පාර්ලිමේන්තුවට අවට රැකියාවක් කරන්නේ... තාවකාලිකව. නමුත් ලොකු දෙයක් මොන්ගල් බඩ ලොකු හොරු ටික නැති එක. අනිවාර්‍යෙන් කෑමට මුදල් ලබාගන්න ඕනෑ. වෙන රටවල කරන ඒවා කරන්න රට ස්වයම්පෝශිත වෙන්න ඕනෑ... එය ඉදිරියේදි වෙයි අනිවාර්‍යෙන්. දැන් රට බාර දුන්නේ සේරම හොරා කාලා. හිස් පෙට්ටියක්. ඒක පුරවන්න. හොරු ටික අල්ලන් දේපල සියල්ලක් රාජසන්තක වෙන්න ඕනෑ. රට ගොඩ ගන්නකම්. නොමිලේ කිසිම දෙයක් දෙන්න එපා කාටත්. කලින් හිටපු මීහරක්. පිනට කාලා රටත් කාලා ගියේ කාලකන්නි ටික...
ප්‍රායෝගික යෝජනාවක්... ක්‍රියාත්මක කිරීම පහසුයි. ඒ වගේම හයමාසෙකට වරක්වත් මිල සමාලෝචනය කර වෙලඳපොල උච්චාවචනය අනුව ගැලපීම කරන්න පුළුවන්.
මන්ත්‍රී වෙන්න කලින් කිව්වාද දන්නේ නැ නේද? එක බොරුවක් වහන්න තව බොරු කීයක් කියන්න වෙනවාද?
මේ අය කවද්ද කියපු දෙයක් කීවා කියලා කිව්වේ...? මාස ගානකට පස්සේ කියනවා අපි ඒම කියුවේ නැහැ කියලා. තනිකරම බොරු කියලා බලයට ආවේ...!
නායක කාරකාදීන් අපි එහෙම කිව්වේ නෑ යනුවෙන් පසුගිය කාලයේ කළ කී දෑ ප්‍රතික්ෂේප කිරීමත් ගෝල බාල කුලී රෑන ඒවා එලෙසම පුනරුච්චාරණය කිරීමත් සුලබ මෙකල බිමල් මන්ත්‍රීගේ මේ ප්‍රකාශය ගැන ජනතාව පුදුම විය යුතු නැත...!
ලැජ්ජයි, මාලිමා ආණ්ඩුවක් තියෙද්දීත් මන්ත්‍රිවරු ජනතාවගේ බදු මුදල් වලින් කෑම කන එක....
පච කීම සංසාර පුරුද්දක්...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සොච්චමකට කනවා, පාර්ලිමේන්තු නිලධාරීන් පිනටම කනවා. දැන් බෝම්බ බියක් නැති නිසා ගෙදරින් කෑම ගේන්න බැරි නම් මේ හැමෝටම නියමිත මුදලට කෑම ලබා දිය යුතුයි. ජනතා බදු මුදල් නාස්ති නොකර...!
කෑම ටිකවත් බඩ පිරෙන්න කාපල්ලා... තව කොච්චර දවසක් ඕකෙ ඉන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. පොල් 200, නාඩු හාල් රුපියල් 100...