(නිමන්ති රණසිංහ)
තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය වන තිලිනි ප්‍රියමාලි නැමැත්තිය ට රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දුන් අයට එම මුදල් නැවත ලබා ගැනීමට නොහැකිවීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි.
මෙම සැකකාරිය වංචා කරන ලදැයි කියන රුපියල් කෝටි දාහකට අධික මුදලක් සම්බන්ධයෙන් අදහස් දක්වන විමර්ශන අංශ සඳහන් කරන්නේ මේ වන විටත් එම මුදල් වලින් බොහෝ ප්‍රමාණයක් සැකකාරිය සතුව නොමැති බවට පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇති බවයි.
තැන්පත්කරුවන් තැන්පත් කළ බොහෝ මුදල් සැකකාරිය වියදම් කර ඇති බවත් මේ වසරේ මුල සිට ජුනි මාසය දක්වා වූ කාලය තුළ ඇගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි තුන්සියයකට අධික මුදලක් තැන්පත් වී තිබු නමුත් මේ වන විට එම ගිණුම්වල කිසිදු මුදලක් ඉතිරි වී නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණි.
තිළිණි ප්‍රියමාලි නැමැත්තිය ට මෙරට දේශපාලනඥයන් පිරිසක් ද රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දී ඇතත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට මෙතෙක් ඔවුන් ඉදිරිපත් වී නොමැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩි දුරටත් කරුණු ඉදිරිපත් කර තිබුණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රංජන් අන්තිමට වෙන්නේ තිලිණිගේ ඉතිරිවෙලා තියෙන සල්ලි ටික ඔය දුන්නා කියන දේශපාලකයො ටිකට දෙනවා. තිලිනිව බේරෙනවා සාක්කි නැති නිසා. අනිත් එවුන්ට හුලං. කොටි 300ක් මාස 6කට වියදම් වෙලා තියෙනවා කියන්න අපේ CID එකට කිසි ලැජ්ජාවක් නැද්ද ? දවසකට කෝටි 2ක් වියදම් කරන්න බැ කිසිම කෙනෙකුට. සමහරවිට CID එක ලග බිල් තියෙනවද දන්නේ නැ. එන්න අපි බිල් හදමු බලන්න CID එකට උදව්වක් විදියට. දවසකට කැමට ලක්ශ 5යි, හොටෙල් එකට ලක්ශ 5යි, මේකප් වලට ලක්ශ 5යි, පෙට්‍රල්වලට ලක්ශ 5යි, මසාජ්වලට ලක්ශ 5යි, විස්කි වලට ලක්ශ 5යි, කාකි ලොක්කොන්ට ලක්ශ 5යි. 35ක් යාන්තම් හරි. දවසකට වියදම් උන ඉතිරි ලක්ශ 135 හදා ගන්න මට උදව් කරන්න
ඉතාම පැහැදිලියි. කවුරු හරි කණ්ඩායමක් මේ සල්ලි වලට වැඩේ දෙන්නයි යන්නේ. හරියට පරීක්ෂණ කරනව නම් ඕව කොහෙටද ගියේ කියලා හොයන එක ලොකු දෙයක් නෙවෙයි. ඕක හොයන එක රොකට් සයන්ස් නෙවෙයි. නිකම් අපිව තම්බන්න හදන්න එපා. මේ ගැන හොයන්න රහස් පොලීසියට විතරයක් බාර දීලා හරියන්නේ නැහැ. තව තව කණ්ඩායම් ගොඩකට බාර දෙන්න ඕනි. එතකොට තමයි කාටවත් හොරයක් කරන්න බැරි වෙන්නේ. කෝටි 1000 ක් කියන්නේ වෙච්ච දෙයක් හොයා ගන්න බෑ කියලා ෆයිල් එක වහලා දාන කේස් එකක් නොවිය යුතුයි. මෙහි අධිකරණය කටයුතු සියලුම මාධ්‍යයට සම්පූර්ණයෙන්ම විවෘත විය යුතුයි. නැත්නම් ජනතාවට වහාගෛන මේක ඉවර කළොත් වෙන්නේ මොකකක්ද කියලා හිතාගන්න පුළුවන්. එහෙම වුණොත් රටේ භාණ්ඩාගාරයට ලැබිය යුතු විශාල මුදලක් කීප දෙනෙක් අතට ගිහින් ප්‍රියමාලි ටික කාලෙකට ඇතුළට යයි.
පුදුම උගත් පිරිසක් නෙ ඉන්නෙ බැලුවම. එක ගැහැනියක් ගොන්නු ටිකව ගොනාට අන්දලා මුදල් ගත්තු පිලිවෙල හොයන්න දන්නෙ නැතිනම්. දෙවියනේ මේ තාක් කල් හොර තක්කඩි ගොන් ඇමති නඩේ රටෙ මුදල් විනාස කරපුවා කොහොමද හොයන්නෙ. කමිටුවක් පත්කරලා බලන්න. මහචාර්යවරු පිරුනු රටක්. කපුටා ගැවිලානම් කොමිස් එකේ හැටියට නැඩුව ලගදිම ඉවර කරලා පියුමලි අන්ගොඩ අරියි පරික්ශනයක් කරන්න කියලා. මහින්දට කියලා අන්ජනමක් බැලුවානම් සල්ලි වලට මොකද වුනෙ කියලා. යානා අක්කට බැරිවෙන එකකුත් නැහැ.
President might not know this swindle ?