
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තිළිණි ප්‍රියමාලි නැමැති සැකකාරියගේ මුදල් ගනුදෙනු වලට තමා හෝ තම පවුලේ කිසිවකුත් සම්බන්ධයක් නැති බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.
තමා එම සැකකාරිය සහ තවත් පුද්ගලයකු මුදා හැරීමට දුරකතන ඇමතුමක් දී බලපෑම් කළ බවට සමගි ජන බලවේගය පක්ෂයේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා මැතිසබයේදී ප්‍රකාශයක් කළ බවත් තමා එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඔහු සඳහන් කළේය.
තමා එම සිද්ධියට කිසිසේත්ම සම්බන්ධ නැති හෙයින් පොලිසියට යෑමේ අවශ්‍යතාවක් නැතැයි මන්ත්‍රීවරයා කීවේය.
මුදල් විශුද්ධිකරණය ගැන මහ ඉහළින් කතා කරන මන්ත්‍රීවරුන් කළ යුත්තේ එවැනි ව්‍යාපාරවල මුදල් ආයෝජනය කළ දේශපාලනඥයන්ට එපමණ මුදලක් ලැබුණේ කෙසේදැයි සෙවීම මිස තමාට හෝ තම පවුලට මඩ ගැසීම නොවන බවද රාජපක්ෂ මහතා පැවසීය
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තමා වරප්‍රසාද කමිටුවට පැමිණිලි කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්බන්ධකම් එළියට එන්නේ එළිවන ජාමෙට...!
මොකට කියනවද..? කිසිම ගෑනු හුටපටයකට සම්බන්ධ නැති අපූරු සුද්දවන්තයා . තමුන්ගේ පැටිකිරිය ගැන දන්නෝ සහසුද්දෙන්ම දන්නවා.
අනේ පව්... බේබි මේවට සම්බන්ධ නැහැ... ඉක්මණට ඡන්දයක් ආවානම්...!
හා... අපි පිළිගත්තා...!
අපොයි වලිකුකුලන්ට කොහෙන්ද ඔයතරම් මොලයක්... මහබැංකුවේ යතුර අතේ තිබිලත් වැඩක් කෙරුවාද? අප්පච්චි තමයි අම්මණ්ඩියි ඒකට හරි යන්න වැඩේ කෙරුවා. මොවුන්ට ඉගෙනීමත් නැහැ සාමාන්‍ය දැනුමත්... නැහැ... තුන්දෙනාම කිරි දරුවන් වගේ... පියමාලි මේ වගේ දෙයක් කෙරුවේ.... අඩුම ගානෙ මන්ත්‍රීකමක් වත් නැහැ. නුඹලා හොරා කෑවේ බලය අතට අරන් දුප්පත් ජනතාවගේ මුදල්... පින් කැටේ සල්ලි මේ සේරම ජනතාවගේ මුදල්. ඒ හොරා කාපු මුදල්. මාස 3ක් ඇතුළත ප්‍රියමාලි අතට ගත්තා. මල් වට්ටි පූජා කෙරුවේත් නැහැ මේ වැඩෙට. ගැහැණුමොලෙ හැඳි මිටේ දිගයි කිව්වට. පිරිමින්ගෙ මොලෙ කොහෙද දන්නේ නැහැ.. නාමල් බේබිට පාර පනින්නවත් දන්නවද දන්නේ නැහැ... පසුගිය ටිකේ හිටියේ කොල්ලන්ට බයේ බංකරවල. දැනප්පච්චි පුතාලා එළියට බැහැලා රට හිනස්සනවා...!
මේ අයගේ පින්තූර නැතිව නිවුස් එක විතරක් දාන්න බැරිද? ලේ කෝප කරන්නේ නැතිව...
අනේ ඔව්, රාජපක්ෂ පවුල කොහේද මේ වගේ පොඩි කේස්වලට සම්බන්ධ වෙන්නේ..? සුනාමි අරමුදල වගේ නම් කමක් නැහැ...
මෙන්න බේබි අඬනවා... බොහෝම කාලෙකින් එළියට ඇවිත්... ඔයාගේ වගකීමෙන් කියන කතා දැන් ඉවරයි...
සමහරු හරි හමන් රස්සාවක් කරන්නේ නැතුව, තවත් සමහරු සුළු රස්සාවක් කරමින් උපන්දා සිට මහජනතාවගේ මුදලින් අධි සුඛෝපබෝගී ජීවිත ගෙවමින් මාලිගාවල ජීවත්වෙන්නේ කොහොමද කියලයි මම මේ දස අතේ කල්පනා කරන්නේ...!
මේ කතගේ හොරවැඩට රාජපක්ෂ කෙනෙකු ද සම්බන්ධ බවට ව්‍යාජ පුවතක් හෝ පළ වනතුරු ඇඟිලි ගනිමින්, දෑස් දල්වා බලා සිටින්නෝ කොපමණ වේද?
එතකොට ප්‍රියමාලිගේ ලොකු බොසා, ද චීෆ් හොරා, මිලියන 70ක් ක්‍රිෂ් ගනුදෙණුවට ඔහේට දුන්නේ නැද්ද?
රටම විනාශ කරපු දූෂිත පවුල් පාලනේ අය කරපු දේවල්, ගනුදෙනු ගැන මුලු ලෝකෙම දන්නවා. රටම හොරාකාලා ජනතාව රවට්ටපු මහපාරට ඇදලාදාපු දූෂිත දේශපාලුවන් කියන දේවල් කවුද විශ්වාස කරන්නේ? හොර පෙරකදෝරුවන් ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
කවද්ද මේ පරපුර පිළිගත්තේ... කරපු මහා පරිමාණ හොරකම්..? අදයි කියන්නේ නෑ කියලා.. ඒත් රටම දන්නවා මේ රටේ ධනය හොරකම් කළේ රාජපක්ෂ පරපුර කියලා. ඒ නිසාම ඔවුන් මෙම සිද්ධියට සම්බන්ධ වෙලාම ඇති...
තමුන් නැහැ තමයි.. තමුන් මොකටද මෙයාට සල්ලි දෙන්නේ දැනදැනම? තමුන්ගේ නියෝජ්‍යයා වන ජානකී හරහා කලු සල්ලි කාරයින්ගේ සල්ලි වලට ගේම දුන්න, ක්‍රිස් ගනුදෙනුව ජනතාව දන්නවා...
මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ සහ නාගරික මන්ත්‍රීතුමිය සංවාදයේදි කියන ව්‍යාපාරය මේක තමයි. දෙන්නම ඒක හංගනවා. තමන් ව්‍යාපාරයකට ආයෝජනය කරලා ඒක පාඩු වුණාම හාමුදුරුවෝ මොකටද පාඩුව ගෙවන්නේ? ආයෝජනයක් කළානම් පාඩුව සහ ලාභය විඳගත යුතුයි.
රට බංකොලොත් කරපු....
ඔහේගෙ කට්ටියකුත් එක්ක ගත්ත පිංතූර එඩිටින් කියලා, ඔය එක්කම කියන්න අමතක වෙන්න ඇති නේ...
ඊළඟ අගමැති ,ඊට පස්සේ ඊළඟ ජනපති වෙන්න ඉන්න උත්තමයාට දෝශාරෝපනය කරනා හරි .පව් දෙයියනේ .ඔහොම කරන්න එපා මිනිසුනේ.
හෙල්පින්ග් හම්බන්තොට ,සිරිලිය ,වගේ පවුලේ උන්ගෙ නම් වලට ගිණුම් තිබුනා .ඒවායින් ගසාකාපුවා ඇතිනේ ?
ශ්‍රීමත් ජෝන් කොතලාවල 1956 දී දුරාචාර භික්ෂුන් සම්බන්ධයෙන් අනුමාන කළ දේ දැන් ඔප්පු වී ඇත!
දෙමුනි සමග 100% එකඟයි