(අංජුල මහික වීරරත්න)
ප්‍රයෝජනයකට නොගන්නා රජයේ ඉඩම් වාණිජ වැවිලි කළමනාකරණ ව්‍යාපෘති සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථා වැනි රජයේ වැවිලි ආයතන සතු විශාල ඉඩම් ප්‍රමාණයක් නීති ගැටලු, ආයතනික ගැටුම්, ප්‍රාග්ධන හිඟය ආදී විවිධ හේතුන් මත දීර්ඝ කාලයක් තිස්සේ වගාවකින් හෝ ඵලදායී භාවිතයකින් තොරව පවතින බව අයවැය කතාවේදී ජනාධිපතිවරයාද පෙන්වා දී ඇතැයි රජය කියයි.
විශාල ප්‍රමාණයේ ඉඩම් හා ඌණ ඉපයෝජිත ඉඩම් අපනයනය කළ හැකි භෝග වගා කිරීම,අපනයනය සඳහා පශු සම්පත් ගොවිපළ ඇති කිරීම සහ වෙනත් අපනයනය කළ හැකි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා තෝරා ගනු ලබන අයෝජකයන් වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබාදීම යෝග්‍ය බව හඳුනාගෙන ඇතැයි රජය පවසයි.
ඒ සඳහා දේශීය ව්‍යවසායකයන් සම්බන්ධ කර ගනිමින් සමාජයට බහුවිධ ප්‍රතිලාභ අත්වන අයුරින් එකී ඉඩම් ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීම පිණිස රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යංශය විසින් වැවිලි ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලක් සකස් කර ඇතැයි ද රජය කියයි.
එකී වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොරටුව රාවතාවත්තේ බුදුපිළිම හන්දියේ තිබුණු සමූපාකාර ඉඩමත් වැඩකට නැතුව තිබ්බේ. කිසිම වැඩකට නැති නිසා සත පහකට වත් කවුරුත් ගන්නැති නිසා මොරටුවේ හිටපු පා මංත්‍රීයෙක්ගේ හාල් කිලෝවක ගාන දන්නැති ක්ලබ් යන දුවෙකුට දුන්නාලු.. අනේ වාසනාවන්..!
තුට්ටුවට දෙකට බදු දීමත්, අත යටින් ගනු දෙනු කිරිමත් සාර්ථකව කෙරෙනවා