(යොහාන් භාසුර)

ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගෙන් අද (21) පැය 5 ක ප්‍රකාශයක් සටහන් කරගත් බවත් ප්‍රකාශය වැඩිදුර ගැනීමට ලබන සඳුදා (27) වික්‍රමසිංහ මහතා නැවත කැඳවන බවත් ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයේ උස්ස නිලධාරියෙක් අද පස්වරුවේ පැවසීය.

වික්‍රමසිංහ මහතාගෙන් එම පැය 5 තුළ ප්‍රකාශයෙන් හතරෙන් එකක් පමණ සටහන්කරගත් බව කී එම නිලධාරියා ඒ මහතාට මහන්සි යැයි පැවසීම හේතුවෙන් පස්වරු 4.15 ට පමණ ප්‍රකාශය සටහන් කරගැනීම අත්හිටුවූ බව ද සඳහන් කළේය.

ඒ අනුව හෙට පෙවරුවේ නැවත පැමිණෙන ලෙස ඔහුට දැන්නුව ද පැමිණිය නොහැකි යැයි පැවසූ බවත් අද දිනයේදී ඔහු පැවසූ කරුණු පමණක් සටහන්කරගත් බවත් එම නිලධාරියා කීය.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිටිහි ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයට අද පෙරවරු 11.15 ට පමණ  පැමිණියේය.

ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි ජයනාත් වනසිංහ මහතාගේ අධීක්‍ෂණයෙන් එම ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුපුල් විතානගේ මහතා එම ප්‍රකාශය ගැනීම මෙහෙයවීය