(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවට සියලුම පොහොර ගෙන්වන්නේ පොහොර පනතට අනුව අදාල ප්‍රමිතියට අනුකූල නම් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
විදේශයක සිට ගෙන්වන ඕනෑම පොහොර වර්ගයක් රටට ඇතුළු කර ගන්නේ සාම්ප්‍රදායික නීතියට අනුව බවට වගකීමෙන් අවධාරණය කරන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය අලුත්ගමගේ මහතා කීවේ ලබන නොවැම්බර 5 ත් 10 ත් අතර දිනවල ගොවිජන සේවා මධ්‍යස්ථානවලට සියලුම පොහොර ලබා දෙන්නට හැකි වනු ඇති බවයි.
දේශීයව නිෂ්පාදනය කරන කාබනික කොම්පෝස්ට් පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථානවලට ලබා දෙමින් සිටින අතර ජෛව දියවර දියර පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් බෙදා හරිමින් සිටින බව කී අලුත්ගමගේ මහතා මේ වන විට අම්පාරේ සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන වලට අවශ්‍ය පොහොර ලැබෙන්නට සලස්වා තිබෙන බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයාට මිනිස්සු කරනා අපහාස වලට කිසිම ලැජ්ජාවක් නැහැ .දියුණු රටක ඇමති කෙනෙකුට මේ වගේ මිනිස්සු අපහාස කලොත් ඒ මනුස්සයා තනතුරෙන් අස්වෙලා වෙන රටකට යනවා .කොහොමත් මොහුට ආත්ම ගරුත්වයක් නැහැනේ
අවුරුදු ගානක් දුක් විඳලා ඉගනගන රසායන විද්‍යාව හැදෑරූ අය දැන් ඔක්කොම ප්‍රමිති විසි කරලා අතයට ගනුදෙනුවලට ප්‍රසිද්ධ රටක බලපෑම්වලට යටවෙන්න අපේ රටේ නායකයන්ට උවමනාවක් ඇති නොවේවා. එසේ උවමනාවක් ඇති වූවේ නම් ඒ අය එසේ කරන්නේ ඇයි දැයි යන්න කුඩා දරුවෙකුටත් තේරුම් ගැනීම අපහසු නොවේ.
චීන අසූචි ප්‍රමිතියට තියනවද ?
මේ ඇමතිල ඔක්කොම නිකන් රූකඩ. තීරණ ගන්නේ උඩ ඉන්න පවුලේ හතර පස් දෙනා සහ එයාලගෙ වට මේසෙ ඉන්න ගජ මිතුරො. තීරණ අරන් මෙයා වගේ වන්දි බට්ටයොන්ට දෙනවා මෙන්න මේක මාධ්‍ය ඉස්සරහා කියවහන් කියලා.
උඹ වගේ මෝඩ නරියෙක් මේ වගේ තැනකට පත් කරන්න පොඩ්ඩක් හරි ගෑවිච්ච එවුන්ටත් සාප වෙනවා
නූගත් ගොවියන් කෑ ගැසුවද .ඔබගේ පැහැදිලි වැඩ පිළිවෙල ගැන අපට අවභෝදයක් ඇත. ඔබගේ ගමන යාමට අප සහය වෙමි
ඒක කියන්නද වල්ගේ පස්ස පැත්තේ ගහන චීන එම්බසියට බඩ ගෑවේ