
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
එස්.එල්.එස්. ප්‍රමිති සහතිකය ලබා නොගෙන වසර අටක් තිස්සේ එම ලාංඡනය අවභාවිතා කරමින් දන්තාලේප නිෂ්පාදනය සඳහා යොදා ගත් යන්ත්‍ර සූත්‍ර මුද්‍රා තැබීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු අද( 6) සවස කටයුතු කළ හ.
මෙසේ යන්ත්‍ර සූත්‍ර මුද්‍රා තබන ලද්දේ වේවැල්දෙණිය ප්‍රදේශයේ පිහිටි කම්හලකය.
ප්‍රමිති සහතිකය අවභාවිතා කරන බවට පාරිභෝගික අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් මත සිදු කෙරුණු පරීක්ෂණයකින් පසු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත මෙම යන්ත්‍ර සූත්‍ර මුද්‍රා තැබීමට පියවර ගත් බව පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු සඳහන් කළහ .
අදාල ආයතනය 2015 වසරේ දී ප්‍රමිති සහතිකය ලබා ගෙන ඇති බවත් යළි ප්‍රමිති සහතිකය ලබා ගැනීම සඳහා 2018 වසරේ ඉල්ලුම් කර ඇතත් එම කටයුතු ඉදිරියට පවත්වාගෙන ගොස් නැති බවත් පරීක්ෂණවලදී අනාවරණය වූ බව පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු කීහ .
අදාළ කර්මාන්ත ශාලාවේ දන්තාලේප නිෂ්පාදනය කෙරෙන යන්ත්‍ර සූත්‍ර පිහිටි පරිශ්‍රය මුද්‍රා තැබීමට මෙහිදී එම නිලධාරීහු පියවර ගත්හ.

2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රමිති සහතිකය අවභාවිත කළ යන්ත්‍ර සූත්‍ර කම්හලට මුද්‍රා
Prabha Tuesday, 06 August 2024 06:48 PM
ඉතින් නමත් දාන්නකෝ...!
චන්ඩ්‍රකන්ත ද අල්විස්... Tuesday, 06 August 2024 08:00 PM
මෙවැනි ආයතන වටලා පාරිභෝගිකයින්ව සුරක්ෂිත කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග ප්‍රශංසනීයයි. ජනතාව රවටන මෙවැනි ආයතන නිසා මහරගම පිළිකා ආයතනය රෝගින්ගෙන් පිරී ඉතිරී ගොස් ඇත.
Kamal Koyrala Wednesday, 07 August 2024 01:41 PM
පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු වසර 6 කට පසු ඇහැරිලා
Chinthaka Wednesday, 07 August 2024 05:50 PM
ඔය කියන සහතිකය දෙන්නෙ මොන සුදුසුකම් වලටද නිෂ්පාදනය කරන භාණ්ඩවල තත්වය ගැන බලනවාද නැත්නම් ආයතනයේ පිරිසිදු කමට දෙනවාද කියලා පසුගිය කාලයේ තේ පොහොර පාවිච්චි කල අයෙක් හැටියට අහන්න වෙනවා