(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව පෙට්‍රල් සහ ඩීසල් ප්‍රමාණවත් තොග පවතින බවත් විදුලිබල මණ්ඩලයට අවශ්‍ය තරම් ඉන්ධන ලබාදී ඇති බවත් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අද (14) පැවසීය.
ජනතාවට අවශ්‍ය ඉන්ධන බෙදාහැරීම නියමිත පරිදි කරන බව කී අමාත්‍ය ලොකුගේ මහතා අද පස්වරුව වන විට සියලුම ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ලැබෙන බව ද සඳහන් කළේය.
ඩීසල් සඳහා වැඩිම ඉල්ලුමක් ඇති නිසා රජය පාඩු ලබමින් ඉන්ධන ලබාදෙන බවත් රජයක් හැටියට කටයුතු කිරීමේදී ජනතාව අපහසුතාට පත්විය හැකි බවත් අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෝලිමුත් තවම තිබෙනවා. විදුලියත් කැපෙනවා.
ඔව් අප්පා අපි පොලිම්වල ඉන්නෙත්, කරුවලේ ඉන්නෙත් විනෝදෙට, අනෙ මගේ කට...!
ඉන්ධන නැහැ කියලා මිනිස්සු බොරු කියනවා.
ප්‍රමාණවත් තොග ඇත්තේ ඔය ගොල්ලන්ගේ වාහන තොගේට ගහගන්න වෙන්න ඇති...
මෙයාගේ ගෙදර වෙන්ඩැති තියෙන්නේ. පෝලිම් වල ඉන්න මිනිස්සු හෙන ඉල්ලන්නේ නිකම්ම වෙන්න බැහැ...
එළියට බැහැලා බලන්න... අදත් පෝලිම්... අදත් විදුලිය කපනවා.
එහෙනම් අහවල් දේකටද විදුලිය කපන්නේ?
ඉන්ධන තොග අවශ්‍ය තරම් මෙයාගේ ගෙදර ඇති.. පෝලිම් වල නොඉඳ v8 එකට ඩීසල් ගහන්න...
ඔබතුමා ඉන්ධන පිරවුම්හලක් පැත්තේ එනතුරු ජනතාව පුලපුලා බලාසිටිනවා කෘතඥතාවය පල කරන්න...
ඇත්ත වෙන්නැති කියන්නේ නේද? හැම ගෙදරකම ඉන්ධන පුරවාගෙන තවත් ඉල්ලනවා... ඒකනේ පෝලිම... නැතිනම් හොඳ කොමිස් එකක් ගහලා වගේ පොදු ජනයා පෝලිමේ ඉන්නේ...!
දැන් එළොව පොල් පෙනෙන කාලේ. උදේට එකක් කියනවා, දවල්ට එකයි, රෑට එකයි. දැන් බලශක්ති ඇමතියා මාරු කරලා ප්‍රශ්නේ විසඳුණාද? මිනිස්සුන්ට වද දෙන්නම තමයි මේ අය ඇවිල්ලා තියෙන්නේ. ගෑස් පෝලිං, තෙල් පෝලිං - කෙලවරක් නැහැ. දැන් මේක ශ්‍රී ලංකාව නොවේ. පෝලිංලන්තය. මේ වගේ බහුභූත කාලයක් කවදාවත් තිබුණේ නැහැ. ලයිට් කපනවා තොරතෝංචියක් නැතුව, ගෑස් ගන්නත් නැහැ. කෑම උයන්නේ මොනවා දාලද?
අපේ රටේ මිනිසුන්ට මෙතැනින් වත් වහල් මානසිකත්වය අත්හැර දමන්න... බුද්ධිය පහළ වුණොත් ලොකු දෙයක්. මින් මතු දේශපාලකයින් තමන් දැනට කර ඇති වැඩ සහ පාර්ලිමේතුවේ වැදගත් කථා බහට දැක්වූ දායකත්වය වේදිකාවල කියනු මිස කරන්නට යන වැඩවලින් ඔවුන්ගේ හැකියාව හා අවංකභාවය තීරණය කිරීම මෝඩකමකි. හැමඅතට නැවෙන දිව භාවිතා කර නිර්මාණාත්මකව බොරු කියන අප රටේ දේශපාලකයින්ගේ ප්රතිරූප නඩත්තු කරන්නේ ඊටත් වඩා මුසාබස් පැවසීමට ලැජ්ජා නැති ආධාරකරුවන්ය...
මම හිතගෙන හිටියේ මේ නාකියා ලන්කාවේ බලශක්ති අමති කියලා වෙන රටක එකෙක් වගේ කුමා