(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අපි කවුරුත් එකතුවෙලා ගොඩනඟපු ටයිටැනික් නැව වැරදි කප්පිත්තෙක් අතට යෑම නිසා ඒ කප්පිත්තා අධි විශ්වාසයෙන් ගොස් නැව අයිස් කන්දේ හැප්පූ බව පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ටයිටැනික් නැවෙි ජැක් සහ රෝස් අතර තිබූ ආදර සබඳතාවය වගේ පොහොට්ටුව සහ එජාපය අතර තිබූ ආදර සබඳතාවයේ ඵලයක් ලෙස පොහොට්ටුව විනාශ විනාශ වී "රෝස්" විතරක් බේරී දැන් ප්‍රේමණීය චරිතය රෝස් ඊජිප්තුවට ගිහින් සිටින බවද වීරසුමන වීරසිංහ මහතා සඳහන් කළේය.
ආණ්ඩුවේ විනාසයත්, ආර්ථිකයේ විනාසයත්, ශ්‍රී ලාංකික මාතාවගේ විනාසයත් හරියට ටයිටැනික් නැවට සිදුවූ දේ වගේම බවද වීරසිංහ මහතා සඳහන් කළේය.
ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ධනුෂ්කගේ සිදුවීම පළමු සිදුවීම නොවන බවද මීට කලින් ඕස්ට්‍රේලියාවෙි ගිහින් කොටු පැනපු ඇමතිවරුත් සිටින අතර මෙය රට විනයකින් තොරව ගමන් කිරීමේ ප්‍රතිඵලයක් යැයි වීරසුමන වීරසිංහ මහතා සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාවේ කොටු පැනල,බැල්කනි කඩල,කකුල කඩාගෙන රෙකෝඩ් එකක් තියලා ආපු එකෙක් ගැන අපිට තාම මතකයි.
ප්‍රධාන ප්‍රශ්නය ගැන කිසිම අවබෝධයක් නැති මේ වගේ කුණුහරුප ප්‍රකාශ කරමින් ලාභ ජනප්‍රියත්වය ලබාගන්න මේ මොලේ නැති සුදු ළුණු මිනිස්සු ගැන දුකයි .පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මොනතරම් මෝඩ ප්‍රකාශයක්ද?