
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පිරමීඩ ජාවාරමට හසුවු කල්පිටිය ඉලන්තඩිය ගම්මානයෙ පිරිසක් තමන් එම ජාවාරමට යොමු කළ ව්‍යාපාරීකයකුගේ හෝටලය අසලට ගොස් විරෝධය මතු කිරීමත් සමග උණුසුම් තත්වයක් ඇති විය.
ඉලන්තඩිය ප්‍රදේශයෙ සංචාරක හෝටලයක් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරීකයකු වසර කිපයකට පෙර ඉලන්තඩිය ගම්මානයෙ 30 කට ආසන්න පිරිසක් මෙසේ පිරමිඩ ජාවාරමට සම්බන්ධ කර ගෙන ඇති බව කියයි.
ඒ අනුව රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් මෙම පිරිසට අහිමි ගොස් ඇති බව පවසමින් ඔවුහු විරෝධය මතු කරන්නට වුහ.
මෙහිදි අදාල හෝටල් හිමියා විසින් ඉලන්තඩිය ගම්මානයෙ පමනක් 30 දෙනෙකුට ආසන්න වංචනිකව රවටමින් මෙම පිරමීඩ ජාවාරමට යොදා ගෙන ඇති බව කියයි.
මෙම පිරමීඩ ජාවාරමට හසුවුවන් පවසන්නේ තමන්ගේ ඉඩම් ගෙදොර උගස් කරමින් මෙයට මුදල් යෙදවු බවයි.
කෙසේ නමුත් මෙම පිරිස නොරෝච්චෝල පොලිසියට පැමිනිලි කිරිමට ගිය අවස්ථාව වලදි පැමිනිලි භාර ගැනිමට නොහැකි බව පවසා තිබේ.
ඉන් පසුව පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාල භුමියෙ ඇති කොඨඨාශ අපරාධ විමර්ශන ඒකකයට (SCID) පැමිනිලි කිරීමට ගිය අවස්ථාව වලදි එහි නිළධාරීන් ද මේ සම්බන්ධව දක්වා ඇත්තේ ඇල් මැරුණූ පරික්ෂණයක් බව ජාවාරමට හසුවු පුද්ගලයින් පවසයි.
මේ හේතුවෙන් තමන් රැවටු පුද්ගලයින්ට විරුද්ධව පැමිනිලි කිරීමට ස්ථානයක් නොමැති විමේන් මෙම පිරිස මහත් අසිරුතාවයට පත්වි සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරපු ගොන්කමට මොනවා කරන්නද? ඕවාට සල්ලි දෑවට කොල කෑල්ලක්වත් නැහැනේ....!