
(අනුරාධපුර-දයාරත්න ඇඹෝගම)
රජයේ සහනාධාර වැඩ පිළිවෙල යටතේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් දෙකක පදිංචි අඩු ආදායම් ලාභීන් පිරිසකට බෙදාහැරිමට ලොරි රථයකින් රැගෙන ආ මිනිස් භාරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 30,000 ක් වැටලීමට අද (14) දින ගලෙන්බිදුණුවැව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සමත් වූහ.
එම සහල් කොගය රැගෙන ආ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගත් අතර ඔහු වීරපුර,මනම්පිටිය ප්‍රදේශයේ පදිංචි 64 වියේ පසුවන රියදුරෙකි.
මෙම සහල් ලොරිය ගලෙන්බිදුණුවැව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට රැගෙන ආ අවස්ථාවේ එම සහල් තොගය බෙදා හැරිමට පෙර එහි ප්‍රමිතිය පිළිබඳව සොයා බලන ලෙස ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ගලෙන්බිදුණුවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගෙන් කළ ඉල්ලිමක් මත පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක අරුණ සෙනෙවිරත්න හා මහජන සෞඛ්‍ය පරික්ෂක පද්මසිරි බණ්ඩාර යන මහත්වරු විසින් සිදුකළ පරික්ෂණයේ දි මෙම සහල් තොගය මිනිස් ආහාරයට නුසුදුසු බවට තිරණය කර අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
එහිදි ලොරි රථයේ රියදුරා රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප මත මුදා හරින ලද බවත් නැවත නඩු විභාගය අගෝස්තු මස 2 දින කැඳවීමටත් අධිකරණයෙන් නියම කළ බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක අරුණ සෙනෙවිරත්න මහතා පැවසිය.
2025 දෙසැම්බර් මස 18
520
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 30,000ක් අල්ලයි
Prabha Friday, 14 June 2024 09:35 PM
දැන් හාල් ඒ රියදුරාගේද?
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 14 June 2024 10:24 PM
සහල් කිලෝ 30 000 ක්? පවුල් සියගණනක් රොගීන් බවට පත්කිරීමට මේ අමනයන් කටයුතු කළාද කියා "ලංකාදීප" පින්තූරයෙන් පැහැදිලිවම පෙනෙනවා !! මේ වංචාවට සම්බන්ධ සියළුදෙනාම අල්ලා නඩු විභාග කර, මහ උළු ගෙදරට තල්ලු කර, ඔවුන්ට පමණක් මේ හාලෙන් බත් උයා, බලෙන් හෝ ගිල්ලවා එහි ප්‍රතිඵලය පෙන්විය යුතුයි...!
Lalla Friday, 14 June 2024 10:24 PM
ඒක තමා නිකමුන්ට නිකම්ම දෙන්නේ. ඒ අයත් කිසිම ප්‍රමිතියකට නෑ නේද?
ravin Saturday, 15 June 2024 06:36 AM
අල්ලලා තියෙන්නේ මැස්සෙක්නේ.. සැපයුම්කරු? ගැණුම්කරු? තත්ව පරීක්ෂකවරු...?
chandra Saturday, 15 June 2024 07:17 AM
කුනු හාල් බෙදලා චන්දෙ ගන්න හැදුවට බැහැ වගේ නේද ?කවුද පුතානොද එව්වේ ?ම්නතිනම් රට ගොඩගත් අසහාය නායකයාද ?