
(අනුරාධපුර-දයාරත්න ඇඹෝගම)
රජයේ සහනාධාර වැඩ පිළිවෙල යටතේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් දෙකක පදිංචි අඩු ආදායම් ලාභීන් පිරිසකට බෙදාහැරිමට ලොරි රථයකින් රැගෙන ආ මිනිස් භාරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 30,000 ක් වැටලීමට අද (14) දින ගලෙන්බිදුණුවැව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සමත් වූහ.
එම සහල් කොගය රැගෙන ආ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගත් අතර ඔහු වීරපුර,මනම්පිටිය ප්‍රදේශයේ පදිංචි 64 වියේ පසුවන රියදුරෙකි.
මෙම සහල් ලොරිය ගලෙන්බිදුණුවැව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට රැගෙන ආ අවස්ථාවේ එම සහල් තොගය බෙදා හැරිමට පෙර එහි ප්‍රමිතිය පිළිබඳව සොයා බලන ලෙස ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ගලෙන්බිදුණුවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගෙන් කළ ඉල්ලිමක් මත පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක අරුණ සෙනෙවිරත්න හා මහජන සෞඛ්‍ය පරික්ෂක පද්මසිරි බණ්ඩාර යන මහත්වරු විසින් සිදුකළ පරික්ෂණයේ දි මෙම සහල් තොගය මිනිස් ආහාරයට නුසුදුසු බවට තිරණය කර අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
එහිදි ලොරි රථයේ රියදුරා රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප මත මුදා හරින ලද බවත් නැවත නඩු විභාගය අගෝස්තු මස 2 දින කැඳවීමටත් අධිකරණයෙන් නියම කළ බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක අරුණ සෙනෙවිරත්න මහතා පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හාල් ඒ රියදුරාගේද?
සහල් කිලෝ 30 000 ක්? පවුල් සියගණනක් රොගීන් බවට පත්කිරීමට මේ අමනයන් කටයුතු කළාද කියා "ලංකාදීප" පින්තූරයෙන් පැහැදිලිවම පෙනෙනවා !! මේ වංචාවට සම්බන්ධ සියළුදෙනාම අල්ලා නඩු විභාග කර, මහ උළු ගෙදරට තල්ලු කර, ඔවුන්ට පමණක් මේ හාලෙන් බත් උයා, බලෙන් හෝ ගිල්ලවා එහි ප්‍රතිඵලය පෙන්විය යුතුයි...!
ඒක තමා නිකමුන්ට නිකම්ම දෙන්නේ. ඒ අයත් කිසිම ප්‍රමිතියකට නෑ නේද?
අල්ලලා තියෙන්නේ මැස්සෙක්නේ.. සැපයුම්කරු? ගැණුම්කරු? තත්ව පරීක්ෂකවරු...?
කුනු හාල් බෙදලා චන්දෙ ගන්න හැදුවට බැහැ වගේ නේද ?කවුද පුතානොද එව්වේ ?ම්නතිනම් රට ගොඩගත් අසහාය නායකයාද ?